14. කොටස

672 71 8
                                    



කව්ශියි සදලියි ලගට තරහින් ගිය සිතුක සදලිගෙ කනට ගැහුවේ තිබ්බ තරහා ඔක්කොම පිට කරන ගමන්.

"සිතුක අයියේ!!!!!"

"සිතු!!!"

"කට වහපන් උබලා....."

"අයියේ....."

"උබ වචනයක් කියන්න එපා.... තොට පොඩ්ඩක්වත් මොලේ නැද්ද සදු...."

"ඇයි අයියේ... ඔයටත් මන් කව්ශිට ආදරෙ කරන එකට ලැජ්ජයිද... අහ් අයියේ...."

සදලි කැ ගහන ගමන් කෙකෙන්තියෙන් ඇහුවේ කම්මුලට අත තියන්. සදු කවදාවත් එයාට මෙහෙම කැ ගහලා නැති නිසා එකටත් තරහා ගිය සිතුක ආයෙත් සදුට ගහන්න අත ඉස්සුවා. හැබැයි බෙබි හාමු සිතුකව අල්ල ගත්තා වගෙම කව්ශි සදලිව ඇදලා අරන් තුරුල් කර ගත්තා.

"උබ දැන් මට කැ ගහගනත් එනවද සදු....."

"ඇති සිතුක අයියේ ඇති... ඔයා සදුට ගහද්දි කට වහන් හිටියේ ඔයා එයාගෙ අයියා නිසා... එක පාරක් ගැහුවම ආය ආය අත උස්සන් එන්න එපා සිතුක අයියේ....."

"යකෝ මෙකි මගෙ නංගී.... මට ඔනිනම් මන් එකිට ගහනවා... අනික මොකක්ද උබලා මේ කරන වැඩේ තෙරුම අහ්... මොලයක් නැද්ද උබලා දෙන්නටම....."

"ඇයි සිතුක අයියේ.... මොකක්ද අපි කරපු වැරද්ද... මන් සදුට ආදරෙ කරන එකද නැත්නම් දැන් කිස් කරපු එකද... මන් කිස් කරෙ මන් ආදරෙ කරන කෙනාට මිසක් වෙන කෙනෙක්ට නෙවෙයි....."

"යකෝ.... තොපි කිස් කරනවා තියා හැමි##නත් මට කමක් නැ....."

"සිතූ!!!"

"ඔයා කට වහ ගන්න බෙබි හාමු.... මේ අහපන් උබලා දෙන්නම කෙල්ලො... උබලා ආදරෙ කරාට උබලා දෙන්නම කෙල්ලො කියන එක අමතක කරන්න එපා.... තොපි දන්නවද මිට ටිකක් එහ තියෙන්නේ මොනවාද කියලා අහ්..... යකොව් තව ටිකක් එහාට වෙන්න තියෙන්නේ රා පෙරන තැනක්... එතනට ආව බෙබද්දෝ නිකමට හරි මෙතනට ආවනම් උබලා දෙන්නා මොකද කරන්නෙ.... මට එක කියපන්කෝ..... කිස් කරන්න තුරුල් වෙන එක හරි තැනක කරපන්... කැලා ගානේ රිංගන්නෙ නැතුව....."

ඔන්න එතකොටනම් කව්ශිට වගෙම සදලිට එයාලගෙ තිබ්බ බය නැති උනා. මොකක්ද එයාලා හිතුවේ එ දෙන්නා ආදරෙ කරනවට සිතුක අකමැති වෙයි කියලා. එත් සිතුකට තරහා ගියේ එයාලා ඉන්න තැනට ටිකක් උඩට වෙන්න කැලේ ඇතුලේ රා පෙරන තැනක් තියෙන නිසා. ඔතනට රා ගන්න ගොඩක් කොල්ලො එන තැනක්. ඉතින් සිතුකට තරහා ගිය එක සාධාරණයි. එතන ඉන්න කොල්ලො ටිකක් මෙතනට ආවනම් කොහොමත් කෙල්ලො දෙන්නට බෙරෙන්න හම්බෙන්නෙනම් නැ. බිලා ඉන්න උන්ට සිහියක් නැ වගෙම මොන මොන හැගිම් තියෙන මිනිස්සුද එන්න කියන්න දන්නෙ නැනෙ.

මතක කදුළු ( Complete ) ✔️✅जहाँ कहानियाँ रहती हैं। अभी खोजें