18. කොටස

621 61 9
                                    



"මාව සැක කරන්න එපා සිතු...."

"මට ඔයාව සැක නැ බෙබි හාමු.... මට දුක හිතුනා...."

"එකට කමක් නැ... සිතු ආය එහෙම වෙන එකක් නැ ...."

"එ උනාට ඔයාට එහෙම නොකර ඉන්න තිබ්බා... ඔයත් එයාව තුරුල් කර ගත්තනේ...."

"හරි හරි ආය එහෙම වෙන්නෙ නැ කිව්වනේ... කෝ මෙහෙ බලන්න මගෙ මොඩයා....."

බිම බලන් ඉන්න සිතුගෙ නිකටෙන් අල්ලන් බෙබි හාමු මුන උඩට උස්සලා සිතුගෙ නලලින් තොල් තද කරා. ආදරෙ කරන්න ගත්තත් හරි එක තමා සිතුට නලලට හම්බුන පලවෙනි හාදුව. ආදරෙ කරන කෙනාගෙන් නලලට හම්බෙන හාදුවක් කියන්නෙ ආදරෙ වගෙම ආරක්ෂාවක් දැනෙන හාදුවක්. එ හාදුවේ පහස නිසාම සිතුගෙ ඇස් පිය උනේ ඉබෙටම. හුඟක් වෙලා සිතුකගෙ නලල සිප ගත්ත බෙබි හාමු ලොකු හුස්මක් අරන් සිතුකව බදා ගත්තා. කාටත් හොරා මෙහෙම ලන් වෙලා ඉන්නවා කියලා එ දෙන්නා හිතුවත් තවත් ඇස් දෙකක් මෙ වෙනකම්ම තරහින් රතු කරන් එ දෙන්නා දිහා බලන් ඉන්නවා කියලා එ දෙන්නට තෙරුනේ නැ. ඇතින් ඉදන් ගහමට මුවා වෙලා එයාලා දිහා බලන් හිටිය එ අගාන්තුකයා අත මිටි කරලා ගහට එකක් ගහන ගමන් ආපහු හැරිලා යන්න ගියා. ඉතින් ඉස්සරහට එ ආගන්තුකයම ඒ දෙන්නා හොයන් ලොකු සුළි කුණාටුවක් වෙලා එනවා කියලා දන්නෙ නැති බෙබි හාමු වගෙම සිතුකත් දෙන්නට දෙන්නගෙ උනුහුමට ලොබ කමින් තුරුල් වෙලා හිටියා.

"බබා....."

"ම්ම්ම්..."

"කැම්පස් යන්න බැම කියලා තිරනේ කරාද...."

"එහෙම ලොකුවට තිරණයක් නැ බෙබි හාමු...."

"එහෙනම් අපි කැම්පස් යමුද.... ම්ම්ම්... ඔයාගෙ වගෙම නිමල්ගේත් මහන්සි වෙලා ගත්ත රිසාල්ට් එක අපරාදෙ සිතු...."

"ඔයා කැම්පස් යනවද බෙබි හාමු...."

"ම්ම්ම් ඔව් මන් යන්න එපැයි.... මන් කැමති සිතු එක්කම කැම්පස් යන්න... මන් එක්ක යන්න එනවද..."

"ම්ම්ම් මන් හිතලා නිමල් එක්කත් කතා කරලා කියන්නම් බෙබි හාමු...."

"ම්ම්ම් අහලා කියන්නකෝ.... මන් ඔය දෙන්නවම මන් යන්න ඉන්න කැම්පස් එකටම දා ගන්න අප්පච්චි එක්ක කතා කරන්නම්....."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now