අදට බෙබි හාමු කකුල කඩාගෙන මාස දෙකයි. සති දෙකක් විතර සිතුකලා ගෙදර ඉදන් කකුල හොද කර ගත්ත බෙබි හාමු ටික ටික කකුල තියලා ඇවිදින්න පුළුවන් උනාම ආපහු වලව්වට ගියා. සිතුක වගෙම බෙබි හාමුත් එකිනෙකාට තුරුල් වෙලා එ සති දෙක තුල ආදරෙන් හිටියා. කොච්චර හැගිම් ඇවිස්සුනත් දෙන්නට දෙන්නා තම තමන්ගෙ සිමාව තුල ඉන්න වග බලා ගත්තා. බෙබි හාමු වෙද ගෙදරින් ගිහින් සති එක හාමාරකට පස්සෙ සිතුක වගෙම නිමලුත් බෙබි හාමු එක්ක කැම්පස් යන්න පටන් ගත්තා. හැබැයි සිතුකට කැම්පස් යන එක එච්චර සතුටු දායක දෙයක් උනේ නැත්තෙ උත්තරා වගෙම ශෙනානුත් එයාලා එක්ක කැම්පස් යන්න ආව නිසා. උත්තරා තනිම කැම්පස් ආවත් ශෙනාන්ගෙ පව්ලේ අය රට නිසා ශෙනාන් වලව්වෙ ඉදලා බෙබි හාමු එක්ක කැම්පස් යන්න ගියේ. ඉතින් හැහැමදාම කැම්පස් යද්දි සිතුකට පැසෙන්ජර් සිට් එක මිස් උනා. එක නිසාම සිතුක හිටියේ හෙන කෙන්තියෙන්. ඉතින් අදත් වෙනදා වගෙම ශෙනාන් පැසෙන්ජර් සිට් එකෙ ඉද්දි නිමලුයි සිතුකයි පිටි පස්සෙ හිටියා.
"මොකද සිතුක හැමදාම උදේට මූන එල්ල ගන්නෙ...." පැසෙන්ජර් සිට් එකෙ ඉදලා පිටි පස්ස බලන ගමන් ශෙනාන් ඇහුවේ කට කොනින් හිනාවක් තියා ගෙන.
"මට මොනින් සික්නස්නේ එකයි.... දැන් ඔය ලොබු කට වහන් ඉස්සරහා බලා ගනින්....." පපුවටත් අත් දෙක බැද ගෙන සිතුක කිව්වේ ඩ්‍රයිව් කරන ගමන් කන්නාඩියෙන් එයා දිහා බලන් ඉන්න බෙබි හාමුටත් රවලා.
"බලන්නකෝ තනු මෙයා මට ලොබු කටා කිව්වනේ.... මගෙ කට එ වගෙද තනු....." කටත් උල් කරන් ශෙනන් කිව්වේ බෙබි හාමුගෙ පැත්තට පහත් වෙලා කිස් එකක් දෙන්න හදනවා වගෙ.
"බෙබි හාමු කාර් එක නවත්තපන්......"
මුලු කර් එකම දෙදරන්න සිතුක කැ ගැහුවම කාර් එකෙ හිටිය තුන්දෙනාම බය වෙලා සිතුක දිහා බැලුවා. වෙලාවට තාම ටවුන් එකට ගිහින් නැතුව ගම ඇතුලේ හිටිය නිසා බෙබි හාමු කාර් එක පාර අයිනේ නවත්තලා සිතුක දිහා බැලුවා. කාර් එක නවත්තුව සැනින් කාර් එකෙන් බැස්ස සිතුක ගිහින් පැසෙන්ජර් සිට් එක පැත්තෙ දොර ඇරියා.
"බහිනවා එලියට....."
"එ මොකටද.... බලන්නකෝ තනු මෙයා....."