11. කොටස

677 77 11
                                    

"අනේ සුදු අයියා ඇවිලා.... මන් සුදු අයියට කන්න පැන් කෙක් හැදුවා.....

කව්ශි දුවගෙන ඇවිත් අතේ එල්ලුනේ බෙබි හාමුගෙ පිටි පස්සෙන් තවත් කෙනෙක් එනවා කියලා නොදැක. සිතුකනම් මේ නාඩගම දිහා බලන් හිටියේ තරහින්. මොලෙ එකියක් මදිවට තව එකියක් නිසා

"අත ගන්නවා කව්ශි..... තැනක් නොතැනක් ඇතුව එල්ලෙන්න තියා ගන්න එපා කියලා කි සැරයක් කියන්න......."

බෙබි හාමු කැ ගැහුවේ මුලු වලව්වටම ඇහෙන්න. බෙබි හාමුගෙ එ කැ ගැහිල්ලට බය උන සිතුක බෙබි හාමු ලගින් අඩියක් පස්සට තිබ්බා. එ වෙලාවෙම කුස්සියේ ඉදලා කාන්ති අම්මා එක්ක සාලෙට දුවන් ආවේ ලොකු මැනිකේ.

"මොකද සුදු පුතා කැ ගහන්නේ......"

"කැ ගහන්නෙ... මන් එක්ක මේ ගෙදර එන්නෙ මොකාද කියලාවත් නොබලා මෙයා ඇවිත් මගෙ ඇගෙ එල්ලෙන එකට......"

"කෝ දැන් කවුද ආවේ...... අහ් මේ වෙද මහත්තයාගෙ කොල්ලනේ......"

එක ඇහුන ගමන් බය උන කව්ශි බෙබි හාමුව අත ඇරියේ අකුණක් ගැහුවා හා සමාන. බෙබි හාමුගෙන් අයින් උන කව්ශි බෙබි හාමුට පිටි පස්සෙ හිටය සිතුක දිහා බැලුවේ දුක්මුසු හැගිම්බර මුහුනකින්. කව්ශිට හිනාවක් දිලා සිතුක ලොකු මැනිකේ දිහා බැලුවේ කව්ශිම එ හැටි ගනන් නොගෙන.

"ලොකු මැනිකේ......"

"මොකො උබ මේ පැත්තෙ මේ ටිකේ නාවේ......"

"වැඩ ටිකක් තිබ්බනේ ලොකු මැනිකේ........"

එක කිව්වම බෙබි හමු හැරිලා සිතුක දිහා බැලුවේ වැවේ බැහැන් ඉන්න එකද උබෙ මහා ලොකු වැඩෙ කියලා අහනවා වගේ.

"අනේ ඔව් ඔව් උබට හරියට වැඩනේ..... එහෙනම් ඔහොම ඉදින්කෝ මන් කාන්ති අතේ තේ ටිකක් එවන්නම්......."

"අනේ ඔනි නැ ලොකු මැනිකේ.... කාපු ගමන් මේ ආවේ......"

"කමක් නැ බන්.... ආය තේ එකක් බොමු..... මේ කෙලි තකහනියේ පැන්කෙක් වගයකුත් හැදුවනේ සුදු පුතාට දෙන්න කියලා.... කලා තේ එකක් බොමුකෝ......"

"මේ නංගී කවුද ලොකු මැනිකේ...?"

"ඇහ් බන් කොල්ලෙ උබ කව්ශි කෙල්ලව දන්නෙ නැද්ද....."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now