08. කොටස

771 82 13
                                    



"බේබි හාමු එක....."

"මෙක මගෙ අම්මගේ සිතු.... ඉස්සර එයයි මායි මෙතනට එනවා......"

"මෙතනට ඒ මොකද......"

"මෙක කලින් අපිට අයිති රබර් වත්තක්.... ඉස්සර මෙහෙ වැඩ බලන්න අම්මා එනවා.... එතකොට එයත් එක්ක මාත් එනවා....."

"අපරාදෙ අපිට ලොකු මැණිකෙවත් එක්කන් එන්න තිබ්බේ එහෙනම්....."

"ඒ මොකටද?...."

"ඉතින් මැණිකෙත් ආස ඇතිනෙ මෙතනට ආපහු එන්න..."

"දැන් ඉන්න ලොකු මැනිකේ මගෙ අම්මා නෙවෙයි සිතු......"

"ඈහ්......"

"ම්ම්ම්... ඒ මගෙ කුඩම්මා....."

ඔව් දැන් ඉන්න දිසානායක මැණිකේ බෙබි හාමුගේ කුඩම්මා, බෙබි හාමුගෙ අම්මා පිලිකාවකින් නැති උනේ බෙබි හාමුට අවුරුදු දහයෙදි, ඊට පස්සෙ වලව්වෙ ඉන්න බැ කියලා එයාගෙ අම්මගෙ නංගී එක්ක බෙබි හාමු රට ගියා, ඉතින් දැන් ආයම අවුරුදු ගානකට පස්සෙ ආපහු ලංකාවට ආවේ දිසානායක හාමුට එ කිව්වේ බෙබි හාමුගෙ අප්පච්චිට අසනිප නිසා.

"එත් ඇයි මේ මාලෙ මෙතන තියෙන්නේ....."

"මන් පොඩි කාලේ හංගපු නිසා...... මොකද කුඩම්මා කැමති උනේ නැ මන් අම්මගෙ ෆොටො එකක්වත් ළඟ තියා ගන්නවට..... මේ ලොකට් එක ඇතුලේ තියෙන්නේ මගෙ අම්මගේ ෆොටො එකක්..... කුඩම්ම මට ගහලා මෙක උදුර ගන්න කලින් මන් මෙතනට ඇවිත් මෙක හැංගුවා..... මන් හිතුවේ මට පුළුවන් වෙලාවට ඇවිත් මෙක බලලා යන්න කියලා..... එත් මට කුඩම්මා නිසා මෙතනට එන්න බැරි උනා එයා මට ගොඩක් වද දුන්නා සිතු..... එකයි... එකයි මන් මෙහේන් මෙහෙ-......"

බෙබි හාමුට පරන මතක අලුත් වෙලා  ඇඩුනා, සිතුක ඉක්මනට බෙබි හාමු ලගට ගිහින් බිම ඉද ගෙන බෙබි හාමුව තුරුල් කර ගත්තේ එයාට බෙබි හාමු ගැන දැනුන ලොකු අනුකම්පාව නිසා, බෙබි හාමුත් සිතුකට තුරුල් වෙලා ඉකිය හිර කරන් ඇඩුවා. බෙබි හාමු සාමාන්‍යයෙන් ලෙසියෙන් මෙහෙම අඩන කෙනෙක් නෙවෙයි එත් එයාට කුඩම්මා පුංචි කාලේ එයාට රිද්දපු විදිහ මතක් උනාම එයාගෙ අම්මව අප්පච්චිට එපා කරපු විදිය මතක් උනාම  එයාට එන තරහට එයාට ඇඩෙනවා, මොකද අප්පච්චි කුඩම්මගේ කීයන දෙවල් අහන්නෙ නැතුව එයාගෙ අම්මට බෙහෙත් කරානම් අදටත් එයාගෙ අම්මා ජිවතුන් අතර කියලා බෙබි හාමු හොදටම දන්නවා.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now