30 අවසන් කොටස

1.2K 87 34
                                    

"අහ්ම්.... අපි වැරදි වෙලාවක ඇවිත් වගේ....."

ඇහුන කටහඬ එක්ක මම වගෙම දෙව් හැරිලා දොර දිහා බැලුවා. කියන්න සතුටුයි විහග අයියා මනමාල හිනාවක් දාන් බලන් ඉද්දි අක්කා කට අත් දෙකෙන්ම වහන් බලන් ඉන්නවා. එ දෙන්නටම ගොන් හිනාවක් දුන්න මන් දෙව්ව මගෙ ලගින් ඈතට තල්ලු කරලා මුකුත් කරෙ නැති හොද ළමයා වගෙ භාගෙට දිය වෙලා තියෙන අයිස් එක කන්න ගත්තා.

"මම එත් බැලුවා දෙව් ලංකාවට ආවා කිව්වම මු මටත් නොකියා කොහෙද ගියේ කියලා..... බලන් ගියාම ඇඹලයා සිනි හොයන් එනවා වගෙ දුවලා මෙහෙටම ඇවිත්නේ....."

විහග අයියා දෙව්ට හින්ට් එක්කුත් පාස් කරන් ඇවුත් සොෆා එකෙ ඉද ගත්තේ දෙව් හොදම එකෙන් ඌට රවද්දි. අනේ උබලා ඔනි දෙයක් මම කාටවත් කට කන්න කිව්වෙත් නැ මම කැවෙත් නැ. එහෙම හිතන් මන් පාඩුවෙ අයිස් කද්දී අක්කා මගෙ කොන්ඩෙත් අව්ල් කරන් කාමරෙට ගිහින් ඇදුම් මාරු කරන් තේ හදන්නද කොහෙද කුස්සිය පැත්තට ගියා.

"අඩෝ මල්ලි බලු වැඩ කරන්න එපා..... තනියම කන්නෙ නැතුව අපිටත් දිලා කාපන්....."

විහග අයියා මගෙන් අයිස් ක්‍රිම් කප් එක උදුරන්න හදද්දි උගෙ අතට හැන්දෙන් හොද ශොට් එකක් දිලා ඌටත් රවලා මන් ආපහු කන්න ගත්තා.

"එයාගෙ අයිස් එකෙන් අපිවත් කන්නෙ නැ විහග..... ඔයාට ඔන්නම් තව කප් එකක් ඇති අරන් කන්න....."

හදන් ආව තේ දෙක සොෆා ටෙවල් එක උඩින් තියෙන ගමන් විහග අයියා ලග ඉද ගන්න ගමන්ම අක්කා කිව්වා.

"එපා සුදු මම මුව අව්ස්සන්න ඉල්ලුවේ....."

අයියලා දෙන්නයි අක්කයි කතාවක ඉද්දි මම කාර්ටුන් බල බල අයිස් එක කලා ඉවර කරා.

"අහ් මන් එත් බැලුවා එළියේ කාර් දෙකක් තිබ්බම කවුරු හරි ඇවිල්ලද කියලා...... බලන් ගියාම මේ අපේ බැනලා දෙන්නනේ....."

"කැහ් කැහ්.... කැහ්....."

අප්පච්චි ගෙ ඇතුලට එන ගමන් කිව්ව දෙත් එක්ක තේ එක බොන ගමන් හිටිය දෙව්ට කැස්සක් හැදුනම මම එයා දිහා බැලුවා. තාත්තයි අක්කයි විහග අයියයිනම් හොරෙන් හිනා වෙනවා. ඇයි දැන් මෙහෙම හිනා වෙන්න මොකක්ද උනේ.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now