17. කොටස

614 60 7
                                    







"ශෙනාන් ඔයා...."

බෙබි හාමුත් එ කෙනාව බදා ගත්තෙ ගොඩක් සතුටින්. තමන් ආදරෙ කරන මනුස්සයා වෙන කෙනෙක් තුරුල් කරන් ඉන්නවා බලන් ඉන්න බැරි උන සිතුක ඇස් වල කදුළු පුරවන් බලන් ඉදලා යන්න හැරුනා. එත් එයාට යන්න උනෙ නැ බෙබි හාමු ඇවිත් සිතුකගෙ අතින් අල්ල ගත්තා.

"වස්තුව ඉන්න කොහෙද මේ යන්නේ...."

"අත් අරින්න බෙබි හාමු... මට යන්න දෙන්න....."

"සිතු ඇයි මේ...."

"ප්ලිස් මාව අත් අරින්න බෙබි හාමු.... ඔයාව හොයන් ආව කෙනා ලගටම යන්න... මාව දැන් අත අරින්න...."

එ වෙලාවෙම හයර් එකක් ගිහින් එතනින් වජිර විල් එක නැවැත්තුවම සිතුක බෙබි හාමුගෙ අත ගසලා දලා විල් එකට නැන්ගා. වජිර බෙබි හාමුට පිටි පස්සෙ හිටිය කොල්ලගෙ ඔලුවේ ඉදන් යටටම බලලා බෙබි හාමුටත් නොන්ඩි හිහිනාවක් දලා විල් එක අරන් යන්න ගියා. එක පාරට සිතුකට උනේ මොකක්ද කියලා තෙරුම් ගන්න බැරුව බෙබි හාමු විල් එක යන දිහා බලන් හිටියා. එයාට එන්න කියලා එක පාරම එයාව දලා ගිය එකට හෙතුව බෙබි හාමුටවත් තෙරුම් ගන්න බැරි උනා. වජිර එක්ක විල් එකෙ ගෙදර ලගටම යනකම් සිතුක මුකුත් කිව්වේ නැ. ඉතින් වජිර ගෙනත් ගෙ ලගම ඇරලුවම වජිරට යනවා කියන් සිතුක කෙලින්ම කාමරෙට ඇවිත් දොර වහලා සිංදුවක් දාන් කල්පනා කරන්න ගත්තා. ඔය අතරෙ බෙබි හාමු තවමත් සිතුක ගිය පාර දිහා බලන් ඉන්නවා.

"තනු....."

"අහ් ශෙනාන්...."

"තනු කවුද ඒ...."

"මන් උබට හිමිට එ ගැන කියන්නම්කෝ.... දැන් යමු ගෙදර...."

බෙබි හාමු එයාගෙ යාලුවා ශෙනාන්වත් එක්කන් ආපහු වලව්වට ආවා. ශෙනාන් ඇවිත් කාර් එක නතර කරලා බෙබි හාමුගෙ අත අල්ලන් වලව්ව ඇතුලට ආවා, එත් එක්කම හිනා විගෙන ආව කව්ශි නතර උනේ බෙබි හාමු දිහා රවන් බලාගෙන. හිනා විගෙන වට පිට බලන ගමන් බෙබු හාමුගෙ අත අල්ලන් ඉන්න ශෙනාන්ගෙ අත දිහා බලලා කව්ශි ආයෙත් බෙබි හාමු ලගට ගියේ. අද දෙන්නම් මන් උබට කියලා හිතින් හිතන ගමන්මයි. මොකද කව්ශි කැමති උනේ නැ සිතුක ඇරෙන්න වෙන කෙනෙක් බෙබි හාමුට මෙහෙම ලන් වෙලා ඉන්නවට.

මතක කදුළු ( Complete ) ✔️✅Onde as histórias ganham vida. Descobre agora