09. කොටස

735 79 6
                                    


"මොන... මොන බඩ්ඩක්.... පිස්සුද සිතු මොනවාද කියවන්නේ...."

"අයියෝ.... බඩ්ඩක් නෙවෙයි අනේ බට්ටෙක්....."

"එ මුකුන්ද සිතු... කොහෙද උන් ඉන්නෙ වැවෙද...."

"අයියෝ.... ඔයානම් ටියුබ් ලයිට් එකක් බෙබි හාමු... මොකෙක්වත් නෙවෙයි මෙන්න මේ නෙලුම් බට්ටෙක් කන්න දෙන්නද කියලා ඇහුවේ....." සිතුක එයා භාගයක් කලා තිබ්බ නෙලුම් බට්ටෙක් පෙන්නන ගමන් බෙබි හාමුට තෙරුම් කරලා දුන්නා.

"ඔය මොනවාද සිතු කොහෙන්ද ඔවා......"

"මෙවට තමා බෙබි හානු නෙලුම් බට්ටෝ කියන්නෙ...... අර පෙන්න තියෙන්නේ වැව මැද....."

"මන් අදමයි දන්නෙ සිතු මෙහෙම දෙයක් වැවේ හැදෙනවා කියලා......."

"අනේ මන්දා ඔයත්.... කමක් නැ ඉතින් ගමේ හිටිය කෙනෙක් නෙවෙයිනේ ඔයා.... මෙවා හැදෙන්නෙ නෙලුම් මලේ මැද.... ඉන්නකෝ මන් ඔයාට මලක් කඩන් ඇවිත් පෙන්නන්න......" සිතුක ඇදන් හිටිය ශොට් එක ඉන ලගට වගෙ උස්සන් ආයෙත් වැවට බැස්සා. බැහැලා ලස්සනට පිපිලා තිබ්බ ලොකු මලක් කඩන් අරන් ආවා.

"බෙබි හාමු.... මේ තියෙන්නේ මල ඇතුලේ කහ පාට එකක් දැක්කද?....."

"අහ් ඔව් ඉතින්....."

"ඉතින් මෙක තමා මලේ පෙති හැලුනම ලොකු වෙලා මේ විදියට හැදෙන්නෙ... ඊට පස්සෙ මේ ඇතුලේ තියෙන බට්ටෝ ලොකු උනාම කලු පාට වෙලා වැවට වැටෙනවා, ඊට පස්සෙ එකෙන් තවත් අලුත් නෙලුම් පැලයක් හැදෙන්න පුළුවන් ඉතින්....."

"එතකොට සිතු මේවගෙන්ද නෙලුම් පැල හැදෙන්නෙ...."

"වෙන්න ඇතිනේ..... හි හි....."

"එතකොට යකොව් දැන් මට පන්ඩිතයා වගෙ කියලා දුන්නෙ හරියට දන්නෙ නැතුවද...."

"මන් දන්නෙත් නැ අනේ ඉතින්... මන් හිතන් ඉන්න දේ මන් කිව්වේ... ඔයත් කැමතිනම් එහෙම හිතා ගන්නකෝ...."

"හරි හරි පන්ඩිත සියේ.... මේ දැන් ඔවා කොහොමද කන්නේ...."

"අහ් ඉන්නකෝ..... මෙ තියෙන්නේ මේ කොලපා පොත්ත සුද්ද කරනවා.... එකල්ලා මේ තියෙන සුදු පාට මදේ දෙකට කඩලා මේ ඇතුකේ තියෙන කොල පාට කැල්ල අයින් කරලා කනවා.... කෝ ආ කියන්න....."

මතක කදුළු ( Complete ) ✔️✅Kde žijí příběhy. Začni objevovat