"අනේ සිතු බබා.... ඔයාව දැක්ක කල්...."
"උ-උත්තරා ඔයා....."
එ ඇවිත් බෙබි හාමුව බදා ගත්තෙ කාලෙකට කලින් සුතුකගෙ ස්කොලේ කාලෙ ක්‍රශ් එක. එකලොහා වසරෙදි උත්තරාගෙ තාත්තට ට්‍රන්සර් එකක් හම්බුනාම එයාලා ගමෙන් ගියා. ඊට පස්සෙ ආය සිතුකට උත්තරාව හම්බුනේ මේ දැන්.
"ඉතින් සිතු... කාලෙකින් නෙද....."
"උත්තරා... ඔයා කොහොමද මෙහෙ.... අනික කොහොමද බෙබි හාමුව දන්නෙ......"
"අයියෝ මන්ද ඔයත් සිතු.... ඔකද ලමයෝ දැන් ඔයාගෙ ප්‍රශ්නෙ......"
උත්තරාව දැක්කම සිතුකට සතුටු හිතුනත්. එයා බෙබි හාමුව දන්නෙ කොහොමද කියන කෘතුහලය ඊට වැඩියෙන් තිබ්බා.
"මන් මෙයාව දන්නෙ පොඩි කාලේ ඉදන් සිතු......"
"ඒ.. කොහොමද......"
"ඔයාලගෙ බෙබි හාමුයි මමයි මොන්ටිසොරි එහෙම ගියෙ ඒ කාලේ එකට...... එවා දැන් වැඩක් නැ..... ඉතින් මොකද මේ දවස් වල කරන්නේ......"
"අහ්.... එහෙම විශේෂයක් නැ ඉතින්....."
"ඔහ් මටත් පිස්සුනේ.... එන්නකෝ අපි ඉස්සල්ලා ගිහින් මොනා හරි බිලා ඉමුකෝ......"
"ඔහා කාර් එකෙද ආවේ තාරු....."
"ඔව් බබි.... ඔයා සිතු එක්ක එන්නකෝ මන් කාර් එකෙ එන්නම්......"
ඉතින් උත්තරා එයාගෙ කාර් එකට ගියාම, සිතුක බෙබි හාමු එක්ක එයාලා ආව කර් එක ලගට ආවා. ඊට පස්සෙ තුන්දෙනාම ගියේ පාර්ක් එකෙ ඉදලා ටිකක් දුර තිබ්බ පොඩි හොටෙල් එක්කට. හොටෙල් එක ඇතුලට ගිහින් ඇතුලට වෙන්න තිබ්බ ටෙබල් එකක් තොර ගත්ත උත්තරා එයාගෙ එහා පැත්තේ තිබ්බ පුටුවට බෙබි හාමුව ඇදලා ගත්තා, සිතුකත් ඊට පස්සෙ ගිහින් ඉතින් එ දෙන්නා ඉස්සරහින් වාඩි උනා.
"තාරු මොනවාද ඔඩර් කරන්නේ....."
"අපි මොනාහරි කමුද බබි.... මට බඩගිනි අනේ...."
බෙබි හාමුගේ අතක් හොල්ලන උත්තරා කිව්වේ හුරතල් විදියට. සිතුකනම් මේ දිහා බලන් හිටියේ අත් මිටි කරගෙන. එයාට තරාහා යන්න හෙතුව එයාගෙ ක්‍රශ් එක උන උත්තරා බෙබි හාමු එක්ක මෙහෙම ඉන්න එකද නැත්නම් බෙබි හාමුට ලන් වෙන්න පුළුවන් එයාට විතරයි කියන හැගිමද කියලා සිතුකට තෙරුම් ගන්න බැරි උනා.