22. කොටස

583 56 1
                                    





"චතු දුව අයියාට ගිහින් මේ තේ එක දෙන්න......"

කුස්සියට වෙලා කට්ටියත් එක්ක මගුලට කැව්ම් බදින ගමන් හිටිය වෙද හාමිනේ චතුට කිව්වේ සිතුකගෙ මග් එකට හදපු තේ චතු අතට දෙන ගමන්.

"හරි නැන්දේ...."

"සුදු අයියේ මේ තේ එක.... සුදු අයියේ!!!....."

"අහ් ඔව් චතු....."

ජනෙල්න් පෙන එලියේ තියෙන අලිගැට පෙර ගහෙ එකා පස්සෙ එකා දුවන ලෙන්නු දෙන්නා දිහා බලන් කල්පනා කරන ගමන් හිටිය සිතුක එයාගෙ උරහිසට අත තියලා චතු කතා කරකරද්දී  ගැස්සිලා කල්පනාවෙන් මිදිලා චතු දිහා හැරිලා බැලුවා.

"අයියේ මේ එක...."

"අහ් හරි දෙන්න චතු... තැනක් යු...."

"ඔකට මොකටද සුදු අයියේ තැන්ක්ස් කරන්නෙ.... මෙවා කොහොමත් ඉස්සරහට මන් කරන්න ඔනි දෙවල්නේ...."

"ම්ම්ම්..."

තේ එක දිලා සිතුකගෙ ඇදෙ ඉද ගත්ත චතුට සිතුක මවා ගත්ත හිනාවක් දිලා ආපාහු එලිය බල ගත්තා. මේ සති තුන හතර සිතුක කරන්නෙ මෙ වගෙ මවා ගත්ත හිනාවක් හැමොටම දිලා පාඩුවෙ ඉන්න එක.

"චතු තමුසෙ මොකද අයියගෙ කාමරෙ කරන්නේ...."

ටික්කින් කාමරෙට ආව සදලි දැක්කෙ කකුලක් පිට කකුලක් දාන් කම්මුලේ අතත් තියන් සිතුක දිහා බලන් ඉන්න චතුව. සිතුකටනම් චතු ඉන්නවද නැද්ද කියලාවත් ගානක් නැ. සදලිගෙ කටහඬට හැරිලා බැලුව සිතුක ආයෙත් ජනෙල් එලිය බලා ගත්තා.

"ඇයි සදු... ඉස්සරහට මාත් මේ කාමරෙමනෙ ඉන්නෙ... ඉතින් දැන් හිටියා කියලා තියෙන වැරැද්ද මොකක්ද....."

"එ ඉස්සරහටනේ.... වෙඩින් එකට තව දවස් හතරක් තියෙනවා.... එතකම් මෙහෙම බදින්න ඉන්න එකාගෙ කාමරෙ රිංගන්න හොද නැ කියලා අම්මලා කියලා දුන්නෙ නැද්ද...."

සදලි කෙන්තියටම කැ ගැහුවෙ මුලු ගෙදරට ඇහෙන්න. මොකද සදලි පොඩ්ඩක්වත් කැමති නැ එයාගෙ අයියට බලෙන් මේ කාසාදෙ කරලා දෙනවට. ඔව් තව දවස් හතරකින් සිතුකගෙ වගෙම චතුගෙ වෙඩින් එක. එදා බෙබි හාමු වගෙම සිතුක කාමරෙ ඉන්නවා දැක්කෙ සිතුකගෙ අම්මා විතරක් නෙවෙයි අප්පච්චිත්. ඉතින් එදා හිතුවෙවත් නැති විදියට හැමදේම වෙනස් උනා. අදට බෙබි හාමු වගෙම සිතුක එයාලව දැකලා සති තුනක් වෙනවා.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now