1 කොටස

203 18 1
                                    

"අක්කේ,අක්කේ,"

"ඕහ්...ඉන්නෝ මේ එනවෝ.."

"ඉක්මනට එන්න කවුරු හරි ඇවිල්ලා අනේ..බෙල් එක කඩන්න හදනවා "

"ආ...ඉන්නෝ....මම මල්ශිට කතා කරන්නම්කෝ..මන්  ආවොත් මේ බැදුම කරවෙයි"

"හරි හරි..කවුරු හරි කමක් නෑ ඉක්මනට එන්න "

මේ සද්දේ ඉතිම් හැමදාම මෙහෙමයි...හැමෝම මොන මොනා හරි වැඩ කර කර ඉන්නවා ගේ පිටිපස්සට වෙලා ගේ ඇතුලෙ ඉන්න මන් කවුරු හරි ඇවිත් බෙල් එක ගහනකොට මර ළතෝනි දීලා කෑ ගහන්න ඕන දොර අරින්න කියන්න....

අහ්...ඔයාලා බලනව ඇති ඉතිම් මට යන්න තිබුණනෙ දොර අරින්න කියල....අනේ මට එහෙම යන්න බෑ අනේ..මගේ ඇස් පේන්නෑ...ඉතිම් මම දොර අරින්න ගියොත් ඔලුව හරි පලාගෙන තමා නවතින්නෙ,මන් එහෙම කරගත්තොත් අක්කට ගොඩක් දුක හිතෙනව ඒ වගේම මල්ශි අක්කටත්......මගේ අක්කගේ හොදම යාලුවා තමා මල්ශි අක්කා කියන්නේ ඒ දෙන්නා ස්කෝලේ යන කාලේ ඉදන්ම එකටමයි ඉන්නෙ..මල්ශි අක්කට,මට අපේ අක්කට දෙමාපියෝ නෑ...අපේ අම්මයි තාත්තයි නැති උනේ මම ඕලේවල් ලියනකොට...එතකොට මගේ අක්කා ඒලේවල් ලියලා කැම්පස් තේරිලා ඉදියේ...

හදිස්සියේ අම්මයි තාත්තයි ගිය බයික් එක ඇක්සිඩන්ට් වෙලා එයාලා ඇක්සිඩන්ට් උන තැනදිම අපිව දාලා යන්නම යද්දි මායි අක්කයි මේ ගෙදර තනි උනා...මගේ ඇස් පේන්නැති නිසා මගේ අක්කා කැම්පස් ගමන පවා අත් හැරලා මාත් එක්ක මේ ගෙදර තනියම ජීවත් උනා...

ඒ අතරේ අක්කගේ යාලුවා උන මල්ශි අක්කගේ තාත්තත් මැරුනේ හාට් අටෑක් එකකින් ඒ වෙද්දිත් එයාගෙ අම්මා නැති වෙලා ගොඩක් කල්...මල්ශි අක්කා විතරයි ඒ පව්ලටම හිටිය එකම දරුවා...මල්ශි අක්කා තනියම ඉන්න බැරි නිසා ගේ දොර හැමදේම එයාගේ පුන්චිට ලියල අපි ගාවට ඇවිත් දැනට අවුරුදු තුනකට කිට්ටුයි....මාත් ඒලෙවල් ලියලා හොද රිසාල්ට් එකක් ගන්න බැරි උන නිසා අක්කට වදයක් වෙවී මේ ගෙදරට වෙලා ඉන්නවා...වෙලාවකට මට හිතෙනව මම අක්කගේ ජීවිතේ විනාශ කරනවද කියල.....

ඉතිම් ඔය දේවල් හිතන්න ගියොත් මට අන්තිමට ඇඩෙන්න ගන්නව ...එතකොට අක්කට දුක හිතිලා එයත් අඩන්න ගන්නවා...මන් ඒකට පොඩ්ඩක්වත් ආස නෑ..

*ඉතිම් හදුනාගන්න මගේ නම යේශිකා නවරත්න......
මට දැන් අවු:20 ක් වෙනව

*එතකොට මගේ අක්කගෙ නම දේශිකා නවරත්න
එයාට අවු:22

*එතකොට මල්ශි අක්කා එයාටත් 22 ක් වෙනව දැන්....

ඒ වගේම අපි කට්ටියට අමතරව අපේ ගෙදර බෝඩ් වෙලා ඉන්නව තව දේදුණු කියල අක්කා කෙනෙක්....

ඔය දැන් කෙනෙක් දොරේ බෙල් එක කඩන්න හැදුවා නේද...අනිවාර්යයෙන් එයා තමයි අපේ අනිත් කාමරේ බෝඩ් වෙන්න එනව කියල කියපු කෙනා

මට ඇහුණ විදියට ඒ අලුත් කෙනාට වයස 21 ක්ලු...නම නම් මට මතක විදියට ආන්‍යා ද කොහෙද...එයා ආවම අපේ අක්කා ඉතින් ආයම අහයිනෙ විස්තර එතකම් බලන් ඉන්න වෙනව ඉතින්.......

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now