29 කොටස

70 13 1
                                    

ජයවීර මහතා සහ ආන්‍යාත් අදේශුත් තම වාහනයේ පැමිණ නිවසට වාහනය ඇතුල් කළ වහාම නිවස ඇතුළේ සිට ජයවීර මහත්මිය දුවගෙන ආවේ තම කාමරයේ නිදාගෙන සිටියදි නැවත වතාවක් වාහනයක ශබ්දයක් ඇසුණු නිසයි...

ඈත තියා දුවගෙන එන ජයවීර මහත්මිය දෙස වාහනයේ සිටි අය පුදුමයෙන් මෙන් බලා සිටියේ වාහනය තුළම සිටයි...

"මොකද තාත්ති අර අම්මා දුවන්නෙ"

"දන්නෑ ළමයෝ..එන්නකෝ එලියට යන්"

ජයවීර මහත්මයා එලෙස කියමින් එළියට බැස්සෙ ජයවීර මහත්මියට හදිසියෙ ඇති වී තිබෙන කලබලය පිලිබද දැනගැනීමටයි..
ජයවීර මහත්මියගේ පසුපසින් දේශිගේ අතින් අල්ලාගෙන අබිරු පැමිණි නිසා ජයවීර මහතා තව තවත් පුදුම උනේ සිදු වී ඇති දෙයක් සිතා ගැනීමට නොහැකිවයි....

"අනූ"

"අම්මා..මොකද මේ කලබලෙන්,මොකද උනේ"

ආන්‍යා ලගට දුවගෙන විත් ආන්‍යාගෙ අතකින් අල්ලාගත් ජයවීර මහත්මිය ආන්‍යා දෙස බැලුවේ කදුලු වලින් පිරුණු ඇස්වලින්...

"යන්න ලෑස්ති වෙන්න කැනඩා..අදම යන්"

"මොකක්"

"ඔව් යන්න ඕන ඔයාලා දෙන්නම යන්න."

"මොන විකාරයක්ද..මම මෙහෙ ආවෙ ආය යන්න නෙවෙයි "

"බෑ බෑ තමුන් මගෙන් ගුටි නොකා යන්න ඕන මෙහෙන්..

ජයවීර මහත්මියගෙ දුක කෝපයකට වහාම හැරුණේ ආන්‍යා විසින් ඇය පවසන දේට කුඩාකල සිටම අකමැති වන නිසයි...

"අම්මා මාව අතාරින්න"

"බෑ යනවා දැන්ම ලෑස්ති වෙනව"

"යන්නෙ නෑ මොන මල විකාරයක්ද"

ආන්‍යාද මුරණ්ඩු වෙමින් තම මව දෙස බැලුවේ එක්වරම තම මවට වූ දෙය සිතා ගැනීමට නොහැකිවයි...ආන්‍යා සිටින තත්තවය තේරුම් ගත් ජයවීර මහතා ජයවීර මහත්මියව තමා වෙතට ඇදගත්තෙ ආන්‍යා ද මේ මොහොතෙ තරහ පාලනය කරගෙන අමාරුවෙන් සිටින බව දැනුණු නිසා...ජයවීර මහත්මිය ජයවීර මහතාගෙ අත අත් හරවා ගැනීමට නිරර්ථක උත්සාහක යෙදෙන අතරතුර අබිරු පැමිණ ආන්‍යාව රැගෙන ගෙතුළට රැගෙන ගියෙ දේශිත් ඔවුන් පසුපස දුවගෙන යද්දි....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now