5 කොටස

91 16 1
                                    

"නන්ගි"

"ඕ අක්කෙ..."

"තනියම හිනාවෙවී මොකද කරන්නෙ ඔතන...එන්න දැන් නිදාගන්න අද ඔයා නිදාගන්න වෙලාවට වඩා පැයකට වැඩියි දැන් වෙලාව"

"නිදිමත නෑනෙ අක්කෙ..."

"ඒ මොකද ඒ...අද වැඩිය කෑවෙත් නෑ...මොකද වෙලා තියෙන්නේ ඔයාට"

"අක්කේ මේ"

"ඕ කියන්න"

"මේ "

"මොකද අනේ ඔච්චර තටමන්නෙ ..."

"නෑ ...ඔයා මොකද හිතන්නෙ අක්කෙ...මන් ආන්‍යා එක්ක වැඩ කරන්නද"

"ම්ම්ම්...මන් හිතනව ඒක හොදයි කියලා"

"ආන්‍යා හොදයි නේද අක්කෙ"

"ළමයෝ...අපි එයාව දැනගෙනත් තවම සති දෙකයි ඒ ඩින්ගට එයාව මැනලා ඉවරද"

"නැහැ අක්කි...මන් කියන්නෙ ඔයාලට වගේ මට එයාගෙ බාහිර පෙනුම පේන්නෑ...එයා කියන වචන තමා මට දැනෙන්නෙ"

"ම්ම්ම්..ඔව් ඉතිම්"

"පිටින් බලද්දි අක්කට දැනෙන්නෙ කෝමද අක්කි...එයාගෙ ගැන"

"හොදයි වගේ ඉතිම්...ඒත් එයා 𝘀𝗺𝗼𝗸𝗲 කරනවද මන්දා..."

"𝘀𝗺𝗼𝗸𝗲...ම්ම්ම්...ඔව් අප්පා...දවසක් මට එයාගෙ ජනේලේ පැත්තෙන් ආවා නාහේ කඩාගෙන යන ගදක්"

"එත් ඔයා අහන්න එපැයි"

"නෑ මන් ඇහුවෙ නෑ මොකද එයාගෙ කාමරේ පාරේ අයිනට වෙන්නනෙ තියෙන්නේ..ඔය කවුරු හරි මිනිහෙක්වත්ද දන්නෑනෙ "

"ආ ඔව් නේද..."

"ම්ම්ම්..එක නෙවෙයි ඇයි අහන්නෙ එයා ගැන"

"නිකම් අනේ...මට හිතුනා "

එතනින් එහාට මන් අක්කගෙන් ආන්‍යා ගැන කිසි දෙයක් අහන්න නොගියේ අක්කට මන් ගැන සැක හිතෙයි කියල බයට...

අක්කා එක්ක ආයම ආන්‍යා ගැන කතා කරන්න හොද නෑ කියල හිතුව මම අනික් පැත්ත හැරිලා නිදාගත්තෙ මගේ හිතින් ආන්‍යාගෙ රූපේ ගොඩගන්න අමාරු උත්සහයක යෙදි යෙදි...නොදැනිම නින්ද ගියත් මන් නැගිට්ටෙ වෙනදා නැති අමුතුම ප්‍රබෝධෙකින්...මොකද කිව්වොත් මන් නැගිටිනකොටම මට ඇහුනේ ආන්‍යගෙ ගිටාර් එක ප්ලේ වෙන සද්දෙ....ඒ වගේම එයා කියන සින්දුව......

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now