25 කොටස

83 16 5
                                    

"අයියේ"

"ඔහ්..කියන්න පොඩ්ඩො"

අබිරු ආන්‍යාගේ නිවසේ සිට නැවත තම නිවහන වෙතට ආවේ දැඩි තෙහෙට්ටුවක් ඇගට දැනුනු නිසයි...ඉක්මනින් කාමරයට ගොස් නිදාගන්න සිතමින් නිවසට පැමිනියත් සිතුම්ගේ කතා විලාසෙන්නම් අබිරුට තේරුනේ ඉක්මනින් නිදාගැනීමට  කාමරයට යන්නට නොහැකි තරම් දෙයක් සිතුම් පවසන්නට තනන ආකාරයයි....

"හරිත අයියා ආවනෙ"

"මොකක්"

"ඔව්..ඇවිල්ලා කාලා ගියා"

හරිම සුලුවෙන් සිතුම් එහෙම කිව්වත් අබිරුට නම් දැනුනේ කුනාටුවට පෙර පවතින දැඩි නිහඩතාවයක ලක්ෂණයක් වැනි හැගීමක්...

"මොකටද දොර ඇරියෙ..මන් කිව්වනෙ කවුරුත් ගෙදර නෑ වගේ ඉන්න කියල"

"ඔව් ඒත්
හරිත මොනවත් කලේ නෑ...කාලා ගියා..කියන්න කිව්වා අයියට කාලා යන්න ආවෙ කියල"

"ඌ නම් පිස්සු බල්ලෙක්"

"ඊටපස්සේත් කව්දෝ ආවා"

"ඊටපස්සෙ කිව්වෙ"

"හරිත අයියා ගියාට පස්සෙ "

"ඉතින්"

"මන් කවුරුත් නෑ වගේ හිටියා.
හරිතත් කිව්වා මට ඒම ඉන්න කියල"

"හ්ම්ම්..හරිත ගියාට පස්සෙ ආවේ එක්කෙනෙක්ද.."

"නෑ හතරපස් දෙනෙක් ඇවිත් හිටියා"

"කොහොමද දන්නෙ"

"මන් දොර යටින් බලන් හිටියෙ"

දගකාර සිනාවකින් අබිරුට සන්ග්‍රහ කළ සිතුම් ලොකු වීරකමක් කලාක් මෙන් හැසිරුනෙ ආව ප්‍රමාණය හරියටම අබිරුට කියන්නට ඔහුට හැකි වූ නිසයි...

"පිස්සු කොල්ලා..හරි හරි ඒකට කමක් නෑ...පුදුමයි රොව්ඩන් ආවෙ නෑ මෙහාට"

රොව්ඩන් යන නම සවනත වැකෙනවාත් සමගම සිතුම්ගේ මුහුණ අදුරු වී ගියේ රොව්ඩන් සමග ඔහුට ඇත්තෙ ඉතාමත් අමිහිරි මතක නිසයි....

සිතුම්ගේ හැගීම් තේරුම්ගත් අබිරු සිතුම්ගේ උරහිසට තට්ටු කර ඉහළ මාලයේ සිතුම්ගේ කාමරය තුළට සිතුම්ව රැගෙන ගොස් තම කාමරය වෙතට යාමට හැරුනේ හරිතගෙ පිටත් වීමෙන් පස්සෙ ගෙදරට ආව පිරිස ගැන ඉක්මනින් සොයාගැනීමට අදිටන් කරගනිමින්....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now