30 කොටස

82 15 1
                                    

රොව්ඩන්ගේ තර්ජනයන් මැද උනත් ජයවිර පව්ලේ අයත් යේශි දේශි හා මල්ශිත් පන්සලට යාමට සැරසුණේ අකාලයේ මිය ගිය ඔවුන්ගේ ප්‍රියයන් දෙදෙනාට පින් දීමටයි....

ආන්‍යා සහ අබිරු ඔවුන්ගේ ප්‍රියතම Honda CB Hornet වර්ගයේ බයික් රථ වල දේශි හා යේශි සමග යාමට සැරසුණු අතර ජයවීර මහතා ඇතුලු අනෙක් පිරිස එනම් මල්ශි ජයවීර මහත්මිය සහ අදේශ් ඔවුන්ගෙ කැබ් රථයෙ නැග පන්සලට යාමට සැරසී සිටියේ ඉතා වුවමනාවෙන්....

කැබ් රථයට නැගීමට පෙර මල්ශි දේශි හා අබිරු දෙස බලාසිටියේ හැමදාමත් වගෙ ඇයට උරුම බලාසිටීම පමණක් බව සිතමින්...එලෙසම ජයවීර මහත්මිය බලාගත් අත බලා සිටියේ තවමත් ඇය රොව්ඩ්න්ගේ පැමිණීමත් සමග විශාල කම්පනයකට පත්ව ඇති නිසයි.....

කට්ටියම ගමනට ලෑස්ති වී අවසන් නිසා ජයවීර නිවසින් මුලින්ම එළියට ගියේ අබිරු සහ දේශියි මේ අතර ඔවුන්ට පිටුපසින් ජයවීර මහතාගෙ කැබ් රථයත් ඊටපිටුපසින් ආන්‍යා හා යේශි නැගි බයික් රථයත් පිටව ගියෙ පිලිවෙලටයි....

පන්සලට යාම සදහා පැය එක හමාරක පමණ දුරක් ඇති නිසා හවස හතරට පමණ ඔවුන් පිටව ගිය අතර ඔවුන්ට පන්සල වෙත යාම සදහා තවත් ඉතුරුව තිබුනේ විනාඩි තිහක පමණ ගමනක් පමණයි...එනම් ඔවුන් පැයක දුරක් ගෙවා අවසන් වී තිබුණා...
මේ අතර අබිරුත් දේශිත් සැමටම කලින් පන්සලට පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනා අනික් අය පැමිණෙන තෙක් දෑත් අල්වා ගෙන බෝධි මළුව වටා ඇවිද්දෙ ආදරණීය පෙම්වතුන් දෙදෙනෙක් නරඹන්නන්ට දර්ශනය කරමින්....

මේ අතර ආන්‍යා සමග යන ගමනේ යේශි සිටියේ තරමක් තරහකින්..
මොකද කිව්වොත් ජයවිර නිවසින් පිටවෙද්දි
"ඔක්කොම හරිනේද..හයියෙන් අල්ලගන්න"

යනුවෙන් පැවසූ ආන්‍යා මෙතෙක් පැමිණි පැයක ගමන දක්වාම යේශි සමග අබ ඇටයක් තරම් දෙයක්වත් කතා කළේ නැති නිසා....

තවත් නිහැඩියාව ඉවසාගන්නට නොහැකි වූ යේශි ආන්‍යාගේ සුදු ශර්ට් එක යටින් තම ඇගිලි යැව්වෙ ආන්‍යාගෙ අවදානය ඇයවෙතට ලබා ගැනීමෙ අරමුනින්...
ආන්‍යාද යේශිගෙ මෙම ක්‍රියාව නිසා ගැස්සි ගියේ යේශිගේ ස්පර්ශයක් ලැබෙද්දි ඇගේ මුලු ගතම සීතල වී යන නිසයි.....ඒ හැගීම ඉවසාගත නොහැකි තැන ආන්‍යා තම වාහනය පාරේ අයිනක නතර කර දමා පැලද සිටි හෙල්මටයද ගලවා යේශි දෙස හැරී බැලුවේ යේශිට අවශ්‍ය මොනවාදැයි සිතා ගැනීමට නොහැකිවයි....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now