අවසානයට පෙර කොටස

76 13 3
                                    

"චූටි අයියේ...ඔයා ඉන්නවද..."

වසා ඇති දොර අසලට ගොස් එයට තට්ටු කරමින් තාන්‍යා හරිතට ඇමතුවේ සැකමුසු ස්වභාවයකින්...

"සනූ..අයියා කෝමද මෙතනට එන්නෙ..මට හිතාගන්න බෑනෙ..අනික ලේ බින්දු තියෙන්නෙ'

"දන්නෑ මටත් හිතාගන්න බෑ අක්කෙ..අපි පොඩ්ඩක් බලමුකෝ"

"අයියේ...චූටි අයියෙ දොර අරින්නකෝ"

සනූත් තනූත් දෙදෙනාම විනාඩි දහයකට ආසන්න කාලයක් හරිත එනතෙක් washroom එක අසල බලා සිටියත් හරිතගෙන් ප්‍රතිඵලයක් නොලැබෙන තැන තවමත් ඇමතුමේ සිටින අබිරුට කතා කලේ ඔවුන්ට කරන්නට දෙයක් සිහියට නො එන නිසයි.....

"අයියේ"

"ඔය වැඩ කරන කවුරුහරි ඉන්නවනම් ඉක්මනට ඒ කෙනෙක්ට ඔය දොර අරින්න කියන්න ඉක්මනට.."

"හරි හරි අයියෙ"

සනු හා තාන්‍යා සේම අබිරුද මෙම මොහොතේ කිසිවක් සිතා ගැනීමට නොහැකිව ආන්‍යා දෙස බලා සිටියේ ඊලගට සිදු කරන්නෙ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි තරම් කලබලයකින්....

"අන්කල් චුට්ටක් එන්නකෝ"

"ඇයි දූ"

"අනේ අන්කල් අයියා වොශ් රූම් එකට ගිහින් කතා කරන්නෙත් නෑ මොනවා කරනවද මන්දා"

"තනියම "

"ඔව් අන්කල්"

"යන් බලන්න"

"පාල මෙහාට එන්න ඉක්මනට"

අබිරු කී පරිදි රෝහල් කම්කරුවෙකු සොයා යන අතර තනූට මුණගැසුනෙ ජයවීර මහතාගේ යහලුවෙකු වූ ආසිරි මහතායි...ඔහුට සිද්ධිය පැහැදිල කරන අතර තුර ඔහුද වික්ශිප්ත වී සිටියේ මුලු ශරීරය පුරාම තුවාල තිබූ හරිත කෙසේනම් වොශ් රූම් එක භාවිතා කලේ දැයි විශාල සැකයෙකින්...අතරමග නැවතත් හරිතගේ රෝහල් කාමරය වෙතට කලබලයෙන් යන අතරතුට පාල නම් කම්කරුවෙකු අමතා ආසිරි මහතා ඔහුද කැටුව රෝහල් කාමරය වෙත ගියේ washroom එකෙහි දොර කඩා හෝ ඇතුළට යන අටියෙන්....

"සර් මොකක්ද කරන්න ඕන මම"

"මේ දොරේ ලොක් එක කඩන්න "

"ඒත් සර්"

"ඒත් මේත් නෙවෙයි පාල ඉක්මන් කරන්න"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now