6 කොටස

79 16 1
                                    

ඒ ගැන හිත හිත ඉන්නකොට එකපාරටම මල්ශි අක්කගෙ සද්දෙ ඇහුණම මට දැනුනේ කියාගන්න බැරි හැගිමක්...මොකද කියනවනම් මට ආව කෙනා ගැන විස්තර රෑට මල්ශි අක්කගෙන් දැනගන්න පුළුවන් නිසා...ආව කෙනා කවුරු උනත් එයා ගෙදරින් ගියේ දවල් කෑමට ඔන්න මෙන්න තියලා නිසයි මට තේරුණේ ඒ කෙනා පැය දෙක හමාරකට වඩා ආන්‍යා එක්ක ඉදලා කියලා....කට්ටියම වගේ අදත් කෑම මේසෙ වාඩි උනත් වෙනදා තරම් කට්ටියගෙ කතාවක් නැති උන තරම්....

අනික අද ආන්‍යා මගේ ඉස්සරහ ඉන්නවද කියලවත් මට හිතාගන්න බෑ...ඒ නිසා සැක හැර දැනගන්න ඕන නිසා මගේ කකුලින් ඉස්සරහට ගැහුවම ගිහින් ආන්‍යාගෙ කකුලේ හැප්පිලා ආන්‍යා කෑ ගැහුවා

"බුදු අම්මොහ්"

"මොකද උනේ නන්ගි"

"ආශ්...මල්ශි අක්කේ..මේ දනිස්ස හිරිවැටිලා වගේ ඒකයි"

වචන හද හද ආන්‍යා ඒම කිව්වෙ මම එකපාරම මූණ බිමට හරවගත්ත නිසා කියල මට හොදටම තේරුණා....

කට්ටියම වෙනදා වගේ නැතත් අද ඉක්මනට කාලා තම තමන්ගේ වැඩ කරන්න ගියා ...
අක්කා මගෙන් කාමරේට ගිහින් දාන්නද කියල ඇහුවත් මම අක්කට එපා කියලා කිව්වෙ මට කාමරේටම වෙලා ඇති වෙලා කියලා බොරු කතාවකුත් කියලා....

මන් එතනින් ගියෙ නෑ වගේම ආන්‍යාත් එතනින් ගියේ නෑ කියල මට තේරුණේ ආන්‍යාගේ පුටුව ඇදලා ආන්‍යා නැගිටලා ගියෙ නැති නිසා....

"princess "

"ඔහ්...මේ...මටද කතා කරේ"

"ඔව් ඉතින් මෙතන වෙන කවුරුත් නෑනෙ"

"එහෙමද...මට ඉතින් පේන්නෑනෙ..."

"අහ්...හරි හරි...මට කියන්නකෝ මගේ princess මොකද මගේ කකුලට ගැහුවෙ කියල"

"මන් ගැහුවෙ නෑ...ඒක ඇත්තටම....මේ...වැදුනා විතරයි.."

බිම බලාගෙන මම එහෙම කියනකොට ආන්‍යා නැගිටලා මන් ලගට ඇවිත් මගේ ළග තිබුණ පුටුවේ වාඩි උන බව මට දැනුනා.....

"මන් දන්නවා ඒක වැදුනා නෙවෙයි කියල..princess මට කියන්න මොකද උනේ"

"නැහැ අනේ..ඇත්තමයි මොකුත් නෑ"

"ඔයා බොරු කියන බව මන් දන්නව...දන්නවද...ඔයා බොරු කියනකොට ඔයාගෙ ඔය නහය තියෙනව නේද අන්න ඒ නහය රතු පාට වෙනවා"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Donde viven las historias. Descúbrelo ahora