2 කොටස

123 18 1
                                    

"අනේ සොරි නන්ගි..ටිකක් පරක්කු උනා දොර අරින්න.."

"අහ් ඒකට කමක් නෑ මට හිතුනෙ මුලින් කට්ටිය නිදි කියල..ඒකයි බෙල් එක ගහගෙන ගහගෙන ගියේ සොරි ඒකට..පස්සෙ ඇහුණා මට කවුරු හරි කියනව බෙල් එක කඩන්න හදනව කියල...ඉතිම් මන් බෙල් එක ගහන එක නැවැත්තුවා සොරි අප්පා"

"අනේ ඒකට කමක් නෑ නන්ගි...අපේ නන්ගි ගේ ඇතුලෙ ඉදියා...එයාට එන්න බෑ ඒකයි එයා නාවේ..ඉතිම් නන්ගි කලින් ඇවිල්ලනෙ ගියෙ තැන බලලා"

"ඔව් ඔව් අක්කේ.."

"මාස පහයි නේද නන්ගි ඉන්නව කිව්වෙ"

"ඔව් අක්කේ...ඊටවඩා ඉන්න හිතුනත් ප්‍රශ්නයක් නෑනෙ"

"අපෝ නෑ...ඒත් කලිම් කියා තියන්න ඒ ගැන තේරුණාද.."

"හරි හරි අක්කේ.."

"මොනාහරි බඩු එලියෙ තියෙනවද,ඕනනම් මන් ගෙනත් දෙන්නම්"

"අනේ ඕන නෑ අක්කෙ...ගිටාර් එක තමා තියෙන්නෙ මන් මේ ටික රූම් එකෙන් තියල ඒක ගන්නම්"

"අහ්..ගිටාර් ප්ලේ කරනවද...හොදයි හොදයි...මන් ඒක ගෙනත් දෙන්නම් නැත්නම් ආය එලියට එන්න වෙනවනෙ...නන්ගි දවල්ට කනවනෙ..."

"අනේ තැන්ක් යූ අක්කෙ.....ඔහ්...කමු"

"හරි හරි..ඔයා කාමරේට යන්නකෝ...අහ්..ඊටකලිම් අදුරගන්න මගේ නන්ගි...මල්ශියෝ"

"ආ...ඉන්න දේශි මන් එක්ක එන්නම්"

"හරි...හරි.."

"අපේ නන්ගිගෙ ඇස් පේන්නෑ ආන්‍යා...ඒකයි එක්ක එන්න කිව්වෙ..අනික ඔයා බෙල් එක ගහනකොට එයා කතා කරානෙ ගේ ඇතුලේ ඉදන්...ඔයා එයා ගැන වැරදියට හිතයි කියලයි එක්කන් එන්න කිව්වෙ...එයා වැඩිය එලියට එන්නෙත් නෑ...ඔයාට දකින්නවත් එලියට එන එකක් නෑ පස්සෙ..ඔයා හිතුවොත් එයාගෙ ලොකුකම කියල.."

"අහ්..අනේ නෑ..මන් දන්නෑනෙ ඒ බවක් ඉතිම්..කලිම් ආවට මන් දැක්කෙත් නෑනෙ..නන්ගි කෙනෙක් ඉන්න බව අක්කා කිව්ව කියලනම් මතකයි"

"ඔව් ඔව් එදා නම් එයා හොදට නිදි...අහ්...අර එන්නෙ....යේශි බබා...ඔයා අදුරගන්න ඕනනෙ අපේ අලුත් කෙනාව..ඒකයි එන්න කිව්වෙ...මේ ඉන්නෙ ආන්‍යා හරිද...ඔයාට වඩා අවුරුද්දක් එයා වැඩිමල් ඒ නිසා අක්කා කියන්න අනික් අයට වගේම හරිද..."

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now