24 කොටස

68 14 2
                                    

"හලෝ සර්"

"අරුන් දෙන්නා ලෑස්ති ද"

"සර් මාර වැඩේ උදේ 3.30 වගේ වෙනකම් උන් අපි එක්ක කතා කර කර විස්තර කිව්වා ..ඒත් ඊටපස්සේ අපි ගත්ත කිසිම කෝල් එකක් ආන්ස්වර් කරේ නැහැ"

"ඒ කියන්නේ..මොකක්ද ඔය උබලා කියන කතාවෙ තේරුම"

"අපිට හිතාගන්න බෑ සර්..උන් දෙන්නගෙම ෆෝන් ඕෆ්..."

"ඉදකින් තොපි වගේ මැරයෝ"

"සර් ඔහොම කතා කරන්නෙපා"

"එහෙම නැත්නම් මන් උබලට කොහොමද කතා කරන්න ඕන තිරිසන් බල්ලනේ"

"සොරි සර්"

"උබ ඔය කිව්වෙ මන් අහන්න ආසම නැති වචනේ.."

"සර්.."

"දැන්ම් කට්ටියක් යවපන්..අද ඔය කෙල්ලෝ ටිකගෙන් ඇස් පොට්ට එකී හරි අනික් එකී හරි  මැරෙන්නම ඕන"

"හරි සර්.."

"හරි දැන් පලයන්"

වියරුවෙන් මෙන් තම මේසය මත වූ වයින් බෝතලය පොලොවෙ ගැසූ රොව්ඩන් දුටුවේ පෙරදින හිස්ව තිබූ බෝතලය තුලින් ලේ පැහැති ද්‍රාවණයක් විසිරී යන ආකාරයයි...

"මොකාද "

එලෙසම තම කණ්ණාඩි මේසයේ කණ්නාඩියේද මිනීමරුවා මිස අහින්සකයන් මිය යා යුතු නැත...ඉක්මනින් අපායට යන්න ලෑස්ති වෙයන් තිරිසනා  රතු පැහැති ලැකර් වැනි දෙයකින් එලෙස ලියා තිබෙනු දුටු රොව්ඩන් බියෙන් සලිත උනේ නිසැකවම පෙර දින රාත්‍රියේ කවුරුන් හෝ තම ගෙදර සැගවී සිටි බව දැනගත් නිසයි

"කාටද ආවේ මෙච්චර හයියක්"

වියරුවෙන් මෙන් කෑ ගසමින් තම දුරකතනයෙන් කන්නාඩියට ගැසූ රොව්ඩන් කොට්ටයකින් තම මුහුණ වසාගත්තෙ ඔහුට වඩා අඩි කීපයක් ඉදිරියෙන් සිටින මෙම සතුරා ගැන හිතේ උපන් යම් ප්‍රමාණයක බියකින්...

එම මොහොතේම ඇදෙන් බැස නාන කාමරය වෙතට දුවන්නට සැරසුනු ඔහුගෙ වම් කකුලෙහි යටි පතුල පසාරු කරමින් වීදුරු කැබැල්ලක් ඇනුනේ ඔහු වේදනාවෙන් කෑ ගසද්දී....

"මට මේ කරපු දේට උබට විදවන්න වෙයි යකෝ"

රොව්ඩන් එලෙස තමාටම දිව්රගත්තෙ යටිපතුල තුලට කිදා බැසූ වීදුරුව කටුව ගලවා විසි කරමින්...
තම කකුලෙන් බේරෙන ලේ කාමරය පුරා තැවරෙද්දි එය ගැන නොසැලකූ රොව්ඩන් නාන කාමරයට වැදී දොරවසාගත්තේ වියරු ස්වභාවයකිනි....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now