15 කොටස

78 13 1
                                    

මේ සිද්ධිය දිහා බලන් හිටපු ලයනල් අන්කල් ආන්‍යා ලගට ඇවිත් හිමීට ආන්‍යාව ඈත් කරේ ආන්‍යාගෙ ඔලුව අත ගාන ගමන්...

අබිරුත් පිටිපස්ස හැරිලා ආන්‍යාට කොලොප්පන් කරන්න ගත්තෙ තාම ඒ දෙන්නගේ විකාර වැඩේ ඉවරකරගන්න ඒ දෙන්නටම උවමනා නැති නිසා...

ඒ එක්කම මේ ඔක්කොම බලන් හිටිය දේශි තරහ මූණක් අරන් දෙන්නටම කෑ ගැහුවෙ ඒ දෙන්නා නිසා මහන්සියෙන් ඉන්න යේශි ඇහැරෙයි කියල බයට....

"නතරකරගන්න දැන් දෙන්නම පොඩ් උන් වගෙ.."

"ඒකනෙ ලොකු බේබි..දැන් ඇති චූටි නෝනා ඇහැරුනොත් ඒම"

"ඔව් ලයනල් මාමේ..පොඩි ළමයි වගේ මල විකාර මෙයාලගෙ

ලනයල් මාමේ..යන් මා එක්ක කෑම කාමරේට මන් තේ එකක් හදලා දෙන්නම්"

"අනේ ඕන නෑ ලොකු නෝනෙ"

"නෑ නෑ එන්නකෝ මාමේ...මේ ඩබල...ආය විකාර වැඩ බෑ හරිද නන්ගි ඇහැරෙයි එයාට ගොඩක් මහන්සි නිසා නිදාගන්න ගියෙ එයා"

එහෙම කියලා ආන්‍යටයි අබිරුටයි සැර කරපු දේශි ලයනල් මාමා එක්ක කෑම කාමරේට ගියේ ලයනල් මාමට තේ එකක් හදන්න හිතාගෙන...

ඒ අස්සෙ ආන්‍යා ඇවිත් සාලෙ පුටු සෙටිය උඩ වාඩිවෙලා ඉන්න අබිරුගෙ ඉස්සරහින් වාඩි උනේ මුරණ්ඩු මූණක් හදාගෙන...ආන්‍යාගෙ වැඩවලට හිනාවෙවි අබිරුත් ආන්‍යා දිහා බැලුවේ එයාටත් නන්ගි කෙනෙක් හිටියනම් මේ වගේ ඉන්න තිබුණනෙ කියල හිත හිත ...

"ඒයි රිලා මොටෝ"

"ඇයි යෝධ මිනිහෝ"

"මොකක්ද තව්සෙගෙ නම"

"ඇයි අහන්නෙ"

"දැන ගන්න යකූ"

"ආන්‍යා"

"ලස්සන නම හැබැයි අහ්.."

"හා..මිස්ටර් අබිරු"

"princess ගෙ අයිතිකාරයා ඔයාද"

"ඔව් මස්සිනේ"

"අහ්..හරි හරි එල බොසා"

"හරි එල"

එහෙම කියන් දෙන්නට දෙන්නා මූණට මූණ බලන් හිනා උනේ මෙච්චර වෙලා රණ්ඩු කරපු හැටි පවා අමතක කරන්

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now