13 කොටස

73 12 1
                                    

එහෙම කියන් අනූයි තනුයි ගේ ඇතුළට ආවේ එයාලයි අම්මට එකපාර ඩෝන් ගිහින් නටපු නාඩගමට හේතුව අහගන්න....ඒ එක්කම කාර් එක ස්ටාර්ට් කරන් ආන්‍යාගෙ තාත්තා හොස්පිටල් එකට යන්න ගියේ එයා ගොඩක් බිසි වෛද්‍යවරයෙක් නිසා....

"අම්මා"

"කතා කරන්න එපා ලොකු ඔයා මා එක්ක"

"අනෙ ඇයි අම්මා"

"මට කිව්වද තමුන් බෝඩ් වෙන්න ගියේ දේවිකාලගෙ ගෙදර කියල"

"අම්මේ..මන් ඒක කිව්වෙ නෑ ..අම්මා ඒක දන්නෙ කෝමද"

"තාත්තා කිව්වේ"

"තාත්තා"

"ඔව් අක්කි..ඊයේ රෑ තාත්තා කිව්වෙ අම්මට"

"හරි..ඒකට කමක් නෑ..දැන් අම්මා ඇයි යේශිලාට අකමැති"

"අකමැති අකමැති නිසා අකමැති"

"අකමැති අකමැති ගගා මොකටද තවම එයාලට බොරුවට ආධාර මුදල් කියල පොතක් හදලා ඒකට සල්ලි දාන්නෙ"

"අනූ"

"මන් දන්නෑ කියල හිතන්නෙලා අම්මා..ඔය හැමදේම මම දන්නවා...දේවිකා නැන්දලව ඇක්සිඩන්ට් කරේ කව්ද කියලා විතරක් මම දන්නෙ නෑ"

"ඒක ඔයාලා දැනගන්න ඕනත් නෑ"

"ඒ කියන්නෙ අම්මා දන්නවා"

"මම..පිස්සුද තමුන්ලා දෙන්නට"

"අම්මා ඇත්ත කියන්න"

"දැන්මම යනවා මගේ කාමරෙන් එලියට"

"අම්මා"

"යනවලා...මගේ යකා අව්ස්සන්නෙපා"

"දේවිකා නැන්දලගෙ ළමයින්ට සලකන්න හොදයි...එයාල නොදන්න අම්මා දන්න ඇත්ත මන් දැනගන්න .....

ඒ එක්කම ආන්‍යාගේ අම්මා ආන්‍යාට කම්මුල්පහරක් ගැහුවෙ කවදාවත් නැතුව ලොකු තරහකින්....

"අම්මා...ඇයි අක්කිට ගැහුවේ"

"නෑ තනූ ඉන්න...අම්මා..මන් ඕක දැනගන්නවා..මන් දිව්රනවා...මට සැක ඒ අම්මද කියලා"

"මම"

"ඔව්..ඒ අම්මානම්..අම්මට උනත් මගෙන් සමාවක් නෑ..මගේ අහින්සකීගෙ දෙමාපියන් එයාට නැති කරාට"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now