14 කොටස

71 14 8
                                    

යේශිලාට කලින් යෙශිලාගෙ ගෙදරට ආව අනුයි තනුයි දෙන්නා කාර් එකේ ඉදන් වාඩිවෙලා ඊලගට මොකද කරන්නෙ කියල හිත හිත ලොකු කතාවක හිටියේ....ඒ අස්සෙ සයිඩ් කණ්නාඩියෙන් බයික් එකකුත් ඇවිත් නතර කරපු එක ආන්‍යා දැක්කා...බයික් එයාලගෙ කාර් එක පිටිපස්සෙ නතර කරපු නිසා ආන්‍යා කාර් එකෙන් බැහැලා ගියේ ආවේ කව්ද කියල බලන්න....

"කව්ද මේ"

"ඒකනේ..ඊටකලිම් කියන්නකෝ කව්ද මේ"

"මන්...මන් මේ ගෙදර බෝඩ් වෙලා ඉන්නෙ..ඇයි.."

"අහ්..මන් මේ ගෙදර අයිතිකාරයගෙ වෙන්න හස්බන්ඩ්"

ඒ එක්කම කොච්චරවත් ආන්‍යා හිතන්නෙ යේශි ගැන නිසා මේ වෙලාවෙ මේ කොල්ලා කිව්වෙත් යේශි ගැන කියලයි ආන්‍යාට හිතුනේ...

"මොකක්ද තමුසෙ කිව්වෙ"

"ඔව් මන් එයාගෙ වෙන්න හස්බන්ඩ්.."

"තමුසෙට කොහෙන් ආව හයියක්ද මගේ princess ට එහෙම කියන්න.."

"princess "

"ඔව් princess "

එහෙම කියපු ආන්‍යා අර ආව කොල්ලගෙ කොලර් එකෙන් අල්ලගත්තෙ අර කොල්ලට එකසිය ගානට රවන ගමන් මේ අතරේ තාන්‍යාත් එලියට බැහැලා දුවගෙන ආවේ වෙන්නෙ මොකක්ද කියල බලන්න....ඒ එක්කම යේශිලාව එක්කන් වෑන් එකත් එතනට ආවම අර කොල්ලගෙත් ආන්‍යාගෙත්..පැත්තක ඉන්න තාන්‍යාගෙත් ඇස් ගියේ ඒ පැත්තට...ඒ සැනින් ආන්‍යාගේ අත ගසලා දාලා වෑන් එක පැත්තට යන්න හදපු ඒ කොල්ලගේ කරට පැන්න ආන්‍යා ඒ කොල්ලගේ බෙල්ලෙන් අල්ලගත්තෙ හරියට කොරියන් කතා වල කකුල රිදෙන්න අරන් ඇවිදගන්න අමාරුවෙන් ඉන්න කියුට් ගර්ල්පෙන්ව කරෙ තියන් යන බෝයිපෙන් වගේ...

වෑන් එකෙන් බිමට බැස්ස දේශියි මල්ශියි කට ඇරන් බලන් හිටියේ මේ මොකක්ද යකෝ මේ වෙන්නෙ වගේ බැල්මකින්...ආන්‍යාට වඩා සෑහෙන්න උස ඒ කොල්ලව මෙල්ල කරන්න පුලුවන් උනෙත් ආන්‍යාට ඒ විදියට මොකද කොලර් එකෙන් ඉස්සෙල්ලා අල්ලගත්තට මොකද ටිකක් ඉස්සෙන්නත් උනා එයාට හරියට් ඇස් මට්ටම එන්න ....

අර කොල්ලගෙ කර උඩට වෙලා ඉන්න ආන්‍යා ඒ කොල්ලගේ බෙල්ල තව ටිකක් තද කරාම අර කොල්ලට එකපාරම කෑ ගැස්සුනා ඒ සැනින් එතනට දුවගෙන ආව දේශියි මල්ශියි ....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now