8 කොටස

78 15 1
                                    

යේශිගෙයි දේශිගෙයි මැද්දට ගියපු ආන්‍යා දේශිගේ අත අරන් යේශිගෙ අතින් අත් අරවලා යේශි දිහාවට හැරිලා

"ඔයාට රිදුණද princess"

"නැහැ නැහැ ආන්‍යා එච්චරම නැහැ"

"එච්චරම නැත්තෙ මොකද..මන් දැක්කනෙ දේශි අක්කා ඔයාගෙ අත මිරිකනව"

"ඉතිම් ඔයාට මොකද ආන්‍යා ඒක"

"දේශි අක්කෙ princess ට රිදුණා"

"princess "

දේශි රවාගෙන ආන්‍යාගෙන් එහෙම අහනකොට යේශිගෙ අත ලාවට බුරුල් කරපු ආන්‍යා ටිකක් එහාට ගියේ දේශිගෙ ඒ බැල්මට ටිකක් ගැස්සුණ නිසා...ඒ එක්කම ආපහු යේශිගෙ අතින් අල්ලගත්ත දේශි...යේශිව ඇදගෙන කාමරේට ගියේ මල්ශි කෑ ගහගෙන එයාලගෙ පස්සෙන් දුවන්න ගද්දි....යේශිවත් ඇදන් කාමරේට ගිය දේශි ඉක්මනට දොර වැහුවෙ මල්ශි දොර ලග එකපාරම නතර වෙද්දි....

මේ හැමදේම දිහා ලොකු ප්‍රේහෙලිකාවකින් බලන් හිටිය දේදුණු මල්ශිට කතා කරේ මොකද උනේ කියල අහන්න ....ඒ එක්කම මල්ශි ආන්‍යා ලගට ඇවිත්

" ඔයා ගනන් ගන්නෙපා නන්ගි..ඒ දේශිගෙ හැටි"

"ම්ම්ම්ම්"

එහෙම කියපු මල්ශි දේදුණු ලගට දුවගෙන ගිහිම් බදාගත්තේ හිතේ ඇති උන අවන්ක සතුටින්

"මනමාලියේ"

"අනේ මල්ශි..ඕම කියන්නෙපා"

"ඇයි ඇයි ලැජ්ජයිද ආ.."

"අනේ මල්ශි...මේ ඒක නෙවෙයි අරයට ඇයි ඩෝන් ගියෙ...."

"හිතන්නෙපා ඔයා...මන් කියන්නම් යන්කෝ.."

ඒත් එක්කම මල්ශි ආපහු ආන්‍යා දිහාවට හැරුනේ තාමත් හිටගෙන යේශිලාගෙ කාමරේ දොර දිහා බලන් ආන්‍යා ඉන්න හැටි දැක්ක නිසා...

"ආන්‍යා..කාමරේට යන්න ළමයෝ...ඔතන හිටියා කියලා වැඩක් නෑනෙ"

"මල්ශි අක්කෙ..මන් වැරැද්දක් ද කරේ"

"ම්ම්ම්..ඔයා දේශි යේශිගෙ අත අල්ලගත්ත වෙලාවෙ අත අත් හැරවපු එක වැරදියි"

"නෑ අක්කෙ..ඒ දේශි අක්කා යේශිගේ අත ඇල්ලුවා නෙවෙයි එයාගෙ අත මිරිකුවා...මට එතකොට තරහ ගියා ඒකයි මම"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now