7 කොටස

82 14 1
                                    

"මල්ශි"

"ඕ කියන්න දේශියෝ"

"මෙහෙ එන්නකෝ ටිකක්"

"මොකෝ බන්"

"ඔයාට මොකද හිතෙන්නෙ ආන්‍යා ගැන"

"ආන්‍යා ගැන"

"ඔව්..ආන්‍යා ගැන"

"මොකුත් හිතෙන්නෑ බන්...හොද කෙල්ලෙක්..ඇයි"

"නැහැ...ආන්‍යා නන්ගිට ළන් වෙනව වැඩියි වගේ නේද"

"ආන්‍යාද නන්ගිද....මට නම් දැනුනේ නන්ගි ආන්‍යාට ළන් වෙන්න හදනව වගේ"

"මල්ශි"

"ඕ..."

"මටත් ඒක තමා හිතුනේ.."

"ම්ම්ම්ම්"

"නන්ගි  කවදාවත් කොල්ලෙක්ට කැමති වෙලත් නෑ මල්ශි"

"ම්ම්ම්ම්ම්"

"ඔයා මොකද හිතන්නෙ ඒ ගැන"

"මොනා හිතන්නද ඉතින් මම"

"එහෙම නෙවෙයි ...එයාලා අතරේ මොනවත් "

"දේශි..එහෙම තිබුණත් මොකෝ"

"එහෙම නෙවෙයි මල්ශි..මිනිස්සු.."

"දේශි..මේ උබමද බන්"

"ම්ම්ම්ම්...මල්ශි මන් ඉන්නෙ ඔලුව අව්ල් වෙලා"

"ම්ම්ම්...අව්ල් ගන්නෙපා...එයාලගේ ජීවිත එයාලට අයිති...නන්ගිගෙ ඉරණම්කාරයා එයානම් අපට නවත්වන්න බෑනෙ"

"ඉරණම්කාරයා..ඒත් මට බයයි...නන්ගි තරම් නන්ගි ආදරේ කරන කෙනා එයාට ආදරේ කරෙ නැතොත්"

"අප්පෝ ඉතින්..ළමයො ඔයා ඕවා හිතන්නෙපා ලොකුවට"

"මට බයයි මල්ශි..මන් ඒකමයි මේ අබිරු අයියව මග හැර හැර ඉන්නෙත් .."

"මට හිතුණා"

"මොකක්ද"

"උබ ඌට කැමතියි කියලා.."

"හ්ම්ම්ම්...ඔව්..ඒත් අබිරු අයියා තරම් එයාලගෙ පව්ලෙ අය හොද නෑ මල්ශි"

"ම්ම්ම්..මන් අබිරු අයියව කසාද බැන්දොත් මගේ නන්ගිව මගෙන් ගිලිහෙයි මල්ශි"

"ම්ම්ම්..."

"අබිරු අයියා මට ආදරේ නිසා අවුරුදු ගානක් තාමත් වෙනස් නොවී ඉන්නවා..එයා වෙනස් වෙන්නෑ..එයා ආදරෙයි මගේ නන්ගිට එයාගෙ නන්ගි කෙනෙක්ට වගේම"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now