21 කොටස

71 12 1
                                    

"හරිත"

"කියන්න සර්"

"සර්..."

රොව්ඩන්ගෙ ඇස්වලින් තරහ බේරේන්න ගත්තෙ හරිත ප්‍රතිචාර දක්වපු විදියට...

"මන් උබට කියල තියෙනව නේද මිනිහෝ කට්ටිය ඉන්න තැනදි මට තාත්තා කියල කතා කරන්න කියල"

"සොරි..කියන්න ඩෑඩ් "

"වරෙන් ඔෆිස් එක ඇතුළට"

වටේ ඉන්න අයට ඇහෙන නෑහෙන ගානට හරිතගෙ කනට කොදුරපු රොව්ඩන් ඇස්වලින් පිටවෙන කෝපය බොරු හිනාවකින් වහගෙන කාර්යාලය ඇතුළට ගියේ හරිත එක්ක ලොකූ කතාබහක් ආරම්භ කරන්න වගේ...

"උබ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියල උබට තේරේන්නෙ නැද්ද මිනිහෝ"

කාර්යාලය තුළට ඇතුලු වූ සැනින් දොර වසා දැමූ රොව්ඩන් හරිතගෙ කොලරයෙන් අල්ලාගෙන බිත්තියට සිර කලේ හරිතගේ බෙල්ල සිරවී මුහුණ ලේ පාටට හැරෙන තුරුත් හරිත අමාරුවෙන් අමාරුවෙන් සමාවද ගන්නා අතරතුරයි...

"සමාව..උබට හැමදාම ඔය සමාව දීලා දැන් මට ඇති..මට දැන් හිතෙන්නනෙ උබව මරලා දාන්න"

"සොරි සර්..ඇත්තටම වැරැද්දක් උනේ...මට මීට වඩා සැලකිල්ලෙන් ඉන්න තිබුනා.."

"ඔව්..සැලකිල්ලෙන් ඉන්න තිබ්බා..කොහෙද ඉතිම් තොගෙ ඇස් පොට්ට වෙලානෙ.."

"කෝ උබ අබිරු ගැන මොනාද හොයාගත්තෙ"

අබිරු යන නම ඇසෙනවාත් සමගම හරිත කලබල උනත් ඉක්මනින් තම කලබල ස්වභාවය පාලනය කරගත් හරිත රොව්ඩන් අසල දණගැසුවේ වරදක් කල අයෙක් පරිද්දෙන්...

"මට ...මට සමාවෙ"

හරිතට තම වචනය අවසන් කිරීමටත් පෙර ලැබුනේ ඉවසා ගත නොහැකි වේදනාවක් සහිත කම්මුල් පහරක්....

"උබ සමාවගන්නවා කියල ඒකෙ අවසානෙකුත් තියෙන්න ඕන ..උබට සමාව දීලම මට දැන් ඇති වෙලා..පලයන්..ගිහින් ඌ ගැන හොයපම්....එතකොට තව දෙයක්...උබට මන් කිව්වනේ අර කෙල්ලව කෝමහරි උබේ දැලේ දාගනිම් කියල...ඒක කරලා උන්ට ළන් වෙයන්"

"හරි සර්..මන් මේක අනිවාර්යයෙන් කරන්නම්"

කම්මුලට ගැසූ පහර ඇදුම්කද්දි වේදනාව දරාගෙන කතා කල හරිත ආපසු යන්න හැරුනේ අබිරු ගැන සිත තුල හටගත් කෝපයක්ද සහිතව....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now