18 කොටස

69 12 1
                                    

පුදුමෙන් වගේ තාන්‍යා දිහා බලන් ආන්‍යා ඒම ඇහුවෙ ජයවීර කියන්නෙ එයාලගේ සර්නේම් එක නිසා...

ඒ වගේම තාන්‍යා ඇස් කදුලු වලින් පුරවන් අබිරු දිහා බැලුවේ අබිරුත් බිම බලන් කතා කරන්න වචන හොයාගන්න බැරුව ලොකු පටලැවිල්ලක ඉන්න නිසා.......

"තනු මොනාද ඔයා ඔය කියවන්නෙ"

"ඉන්න අක්කි,මන් තාම අයියා එක්ක කතා කරනව"

"අයියා"

"කියන්න අයියේ...කෝමද ඒම උනෙ...ඉදුනිල් ජයවීරගේ පුතා රොව්ඩන් ඒකනායක කියන අධම මිනිහගෙ පුතා උනේ කෝමද"

"කෑ ගහන්න එපා තනූ..මන් කියන්නම් යමුකෝ අපි මන් ඉන්න තැනට"

අබිරු ඒම කිව්වත් එක්ක තාන්‍යා අඩ අඩ අබිරුව බදාගත්තේ ආන්‍යා ඒ දිහා පුදුමෙන් බලන් ඉද්දි...මොකද කිව්වොත් තාන්‍යා අබිරු ගැන දන්න දේ ආන්‍යා දැනන් හිටියෙ නෑ..මොකද ඒක තාන්‍යාට පවා දැනගන්න ලැබුනෙ හදිස්සියෙ නිසා...ඒ එදා ආන්‍යා එයාලගෙ අම්මා එක්ක තරහ වෙලා ගෙදරින් යන දවසෙ .....

මොනවත් නොදන්න ආන්‍යා අබිරුයි තාන්‍යායි දිහා බල බල කාර් එක ඩ්‍රයිව් කරේ හොල්මන් වෙලා වගේ....

අබිරු කිව්ව විදියට අබිරුගෙ ගෙදරට ආන්‍යාලා ආවේ වෙන තැනක් දැන් මෙයාලට කතා කරන්න නැති නිසා.....

අබිරුයි තාන්‍යායි කාර් එකෙන් බැස්සත් හොල්මන් වෙලා වගේ ඉන්න ආන්‍යා තාමත් කාර් එක ලගට වෙලා බලාගෙන හිටියෙ අබිරු වගේම යෝධ අබිරුගෙ ගේ දිහා....

"වටපිට බලලා ඉවරනම් ඇතුළත් බලන්න පුළුවන් එලියට ආවොත් මිස් ආන්‍යා"

කාර් එක ඇතුලෙ ඉන්න ආන්‍යාට අබිරු ඒම කියලා තාන්‍යාවත් එක්කන් ගේ ඇතුලට යන්න ගියා...ගේ ඇතුළ බලන්න කෙසේ වෙතත් තාන්‍යා අබිරුගෙ ඇගේ එල්ලිලා යන නිසා ඉක්මනට කාර් එකෙන් බැස්ස ආන්‍යා තාන්‍යාව එයා ලගට ඇදලා අරගත්තෙ තාන්‍යාව කොනිත්තන ගමන්....

අබිරු ඒ දිහා බලලා කට කොනින් හිනා උනේ ආන්‍යාගෙ මේ වැඩ නිසා....

ගේ ඇතුළට තුන් දෙනාම ආවත් හරි අබිරුගෙ විසාල ගෙදර සාලේ ප්‍රමාණේ දැක්කම ආන්‍යාට හික් ගෑවුනෙ සාලේ ඇතුලෙ වොලිබෝල් ටීම් දෙකකට උනත් වොලිබෝල් ප්ලේ කරන්න පුළුවන් නිසා...

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now