9 කොටස

78 13 1
                                    

"මේ දේශි"

"ම්ම්ම්ම්"

"මොකද උනේ"

දේදුණුයි මල්ශියි දෙන්නම එක සැරේම ඒම ඇහුවේ දෙන්නටම මේක ලොකු ප්‍රශ්නයක් උන නිසා...දවල් ආන්‍යා යේශි ලගටවත් එනවට අකමැති උන දේශි දැන් ටිකකට කලින් ආන්‍යා දේශිවත් තල්ලු කරන් යේශි ලගට ගිය එක දේශි නතර කරේ නෑ...

කැම මෙසේට කෑම අරන් යනගමන් මල්ශියි දේදුණුයි ඒ ගැන ඇහුවේ යේශියි ආන්‍යායි එලියට ආවොත් මේ ගැන අහන්න වෙන්නැති නිසා...

"ඒකට කමක් නෑ ඉතිම්"

"මොකටද"

"ඒ දෙන්නා ඒම හිටපුවාවෙ"

"මොකක්"

"ම්ම්ම්"

"දැන් උබ මේ ටිකේම මා එක්ක දෙඩෙව්වා නේද කැමති නෑ අරකයි මේකයි"

"ම්ම්ම්..,නන්ගි ආදරෙයි එයාට"

"මොකක්..දේශි ඔයා කියන්නෙ"

"ම්ම්ම්..ඔව් දේදුණු අක්කෙ"

"ම්ම්ම්..කමක් නෑ...එයාලට එයාලව දැනෙනවනම් කමක් නෑ"

"මිනිස්සු ගැනයි මට ප්‍රශ්නේ"

"මිනිස්සු ගැන හිතන්නෙපා දේශි..නේද මල්ශි..මිනිස්සු ගැන හිතුවොත් අපිට මේ ලෝකෙ ජීවත් වෙන්න වෙන්නෑ...උන්ට ඕන විදියට අපි ජීවත් වෙන්න ගියොත් අපි උන්ගේ රූකඩ වෙනව...අමාරුයි තමයි උන්ගෙ කතා අහන් ඉන්න එක...ඒත් තමන් හැමතිස්සෙම පොසිටිව් හිතනවනම් ඔය කවුරු මොනව කිව්වත් අදාල නෑ බන්.."

"ම්ම්ම්...ඒක හරි දේදුනු අක්කේ..එයාලා වැරැද්දක් කරන්නෑනෙ..එයාලා ආදරේ කරන්නෙ...මගේ නන්ගි ආදරේ කරන තරම්ම ආන්‍යාත් එයාට ආදරේ කරොත් හොදයි මල්ශි"

"ම්ම්ම්"

"ඇත්තටම දැන් උබලා ඇහුවද ආන්‍යාගෙන් ඔය ගැන"

"නැහැ.."

දේශියි මල්ශියි එක සැරේම ඒම කිව්වත් එක්ක තමයි දෙන්නටම තේරුණේ තාම ආන්‍යා ගැන කිසිම දෙයක් එයාලා දන්නැහැ කියල..ආන්‍යා එයා ගැන කියපු විස්තර ඇරෙන්න...ආන්‍යා හිත න විදියවත් තාම එයාලා දන්නැතිබව පස්සෙ තමයි එයාලට තේරුනේ...ඒ එක්කම ආන්‍යා එක්ක යේශි කෑම මේසෙ පැත්තට එනව දැක්ක මේ තුන්කට්ටුව එයාලගෙ කතාව නවත්තගත්තෙ කෑම කාලා ඉවර වෙලා ආන්‍යාගෙන් මේ ගැන අහනවා කියල හිතන්....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now