22 කොටස

79 14 7
                                    

"ආන්‍යා..කොහෙද මේ යන්නෙ හැඩවෙලා"

මල්ශි එහෙම අහනවත් එක්කම ආන්‍යා සද්ද කරන්නෙපා කියන්න වගේ ආන්‍යාගෙ කටට අත තියල මල්ශිට ඇගෙව්වෙ බැරි වෙලාවත් යේශිට ඇහුනොත් එයා යන තැන ලොකූ ලොකු විස්තර යේශි අහන්න ගන්න නිසා...

ඒ එක්කම ආන්‍යා දැක්කෙ අබිරුත් ඇවිත් ඉන්න බව...අනික් හැමෝමත් අබිරුත් ඉන්න තැනට ටිකක් ළන් උන ආන්‍යා ඇහෙන නෑහෙන ගානට ඒ කට්ටියට කතා කරා..

"පොඩි ගමනක් යන්න තියෙනව....ටිකක් රෑවෙයි..."

"අක්කෙ..ඒත් ඔයා කිව්වෙ හෙට යනව කියල නේද"

"ඔව්..ඒත් මට දැන් යන්න වෙලා..හදිස්සියක් "

තාන්‍යාටත් රැවුමකින් සංග්‍රහ කරපු ආන්‍යා තාන්‍යා දිහාවට දැම්මෙ තරවටු බැල්මක්..ඒ මොහොතෙම නිහඩ උන තාන්‍යා බිම බලාගත්තෙ වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ මූණත් හදාගෙන...

ඒත් එක්කම ආන්‍යා එලියට යන්න හදනවත් එක්කම අබිරු දුවගෙන ගිහින් ආන්‍යාගෙ අතින් අල්ලගත්තේ ආන්‍යා තාන්‍යාට දැම්ම තරවටු බැල්මට සමාන තරවටු බැල්මක් ආන්‍යාට දාන ගමන්..ඒත් ඒ තරවටු බැල්මට ප්‍රතිචාර විදියට ආන්‍යාත් ඊට නොදෙවෙනි තරවටු බැල්මක් අබිරුට දැම්මෙ අබිරු ආන්‍යාගේ අත අල්ලන් ඉන්න නිසා...

"මොකද"

ඇහිබැම උස්සලා ආන්‍යා අබිරුගෙන් එහෙම ඇහුවත් එක්කම අබිරු ආන්‍යාගේ අත තද කරේ ආන්‍යා ආව් කියල සද්දයක් දාද්දි..

"This f*cking man..what's wrong you"

ආන්‍යා තද බැරෑරුම් කටහඩකින් අබිරුගෙන් එහෙම ඇහුවත් එක්කම අබිරුගෙ ඇස් උඩගියේ තමන්ගෙ නන්ගි තමන්ට කතා කරන විදිය දැකලා...

"f*cking man"

ආරූඪ කරගත්ත හිනාවකින් ආන්‍යා දිහා බලපු අබිරු ආන්‍යාගෙ අත ඇරියේ ආන්‍යාගේ ඇස් දිහා කෙලින් බලාගෙන...ඒ ක්ෂණයෙන් යන්න හැරුණ ආන්‍යා එයාගෙ ගමන යන්න ගියේ ගෙදර හිටිය හැමෝම වික්ෂිප්ත වෙලා එකිනෙකා දිහා බලද්දි....

ආන්‍යා වාහනේ ස්ටාර්ට් කරලා ටික දුරක් යනකම් ආන්‍යාගෙ වාහනේ සද්දෙ ඇහුණත් එතනින් එහාට කිසි සද්දයක් නොඇසුනේ වේගෙන් ආන්‍යා යන්න ගිය නිසා...හැමෝම දොර ලගට යද්දි පාර දූවිල්ලෙන් වැහිලා...ඒ ගමන්ම අබිරු ආපහු වාඩිවෙලා හිටිය පුටුසෙටිය ලගට ගිහිම් හෙල්මට් එක අරන් බයික් එක ලගට දුවගෙන ගියේ අනික් අය කොහෙද යන්නෙ කියල අබිරුගෙන් ඇහුවත් ඒ ගැන ගනන් නොගෙන......

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now