26 කොටස

62 14 3
                                    

අබිරු තම නිවසේ සිට තම වාහනය එළියට ගන්නකොටම ඔහුගෙ ඉදිරියට එක්වරම හරිත පැමිණියේ බැරෑරුම් මුහුණකින් මුහුණ සරසාගෙනයි...

"අබිරු"

"හරිත,උබ මොකද මෙහෙ කරන්නෙ"

"පොඩි දෙයක් කියල යන්න ආවෙ "

"මොකක්ද"

"කොයි එකටත් ගෙදරට වෙලා ඉන්න"

"ගෙදර ඉන්න...මොකටද ඒ"

"මන් මේ අනතුරු අගවන්න ආවා කියල හිතහම්කෝ"

"දැන් ඇයි උබ ඔහොම හැසිරෙන්නෙ"

"මන් උබව ආරක්ශා කරන්න ආවේ නෑ අබිරු...මන් කියල යන්න ආවෙ අර රොව්ඩන් මරපු අයගෙ ළමයි දෙන්නව පරිස්සමෙන් බලාගනින්..උබලත් ගෙදර හිටපන්"

"මොන හේතුවකටද උබ ඔහොම කියන්නෙ හරිත"

"දන්නැද්ද..නැත්නම් මතක නැද්ද මිස්ටර් අබිරු 28 වෙනිදා ළං වෙනව"

"28..?"

"ඔව්..28...මන් යනව...වැඩිවෙලා ඉන්න බෑ..මන් කියන්න ඕන දේ කිව්වා උබලගේ වැඩක් මන් කියන දේ අහනවද නැද්ද කියන එක"

"හරි බන්"

"හරි"

හරිතගේ කතාවෙන් අබිරු තමන් යන්නට සැරසුණු ගමන නවතා දැම්මෙ අද ඔහු දේශි සමග දිනයක් ගත කිරීමට සැලසුම් කළත් පවතින තත්ත්වෙත් එක්ක ඒ දේ දේශිගේ ආරක්ශාවට හොද දෙයක් නොවන බව තේරුණ නිසා...ඒ වගේම එවෙලෙම අබිරු ආන්‍යාටත් කෝල් එකක් ගත්තෙ ආන්‍යාත් අද ඇවිදින්න යන්න ප්ලෑන් කරලා තිබ්බ නිසා....

"හලෝ"

"ඔහ්..කව්ද මේ"

"මන්.."

"මන්...?"

"ඔව්...මන් "

"මිස්ටර් අබිරු...?" යම් ප්‍රමාණයක කටහඩ හුරුවක් ආන්‍යාට දැනුනත් සැකමුසු බවකින් ආන්‍යා අනුමාන කලේ ඒ ඇයට ඇමතුම ලබා දුන් කෙනා අබිරු බවයි...

"හ්ම්ම්..ඔව් "

"ඇයි"

"නෑ..අද කොහෙවත් යන්නෙපා..ගෙදර ඉන්න"

"ඇයි...මොකටද ඒ..."

"කියන දේ අහන්න"

"බෑ හලෝ..ඇත්තටම බැහැ...මට අද විශේශ ගමනක් යන්න තියෙනව ඒක කැන්සල් කරන්නෑ"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now