16 කොටස

70 11 2
                                    

කට්ටියම වගේ අද ටිකක් පරක්කු වෙනකම් නිදාගත්තේ ඊයේ දවස් හැමෝටම ගතින් වගේම හිතිනුත් වෙහෙස දවසක් උන නිසා....ආන්‍යායි තාන්‍යායි අනික් අය නැගිටින්න විනාඩි දහයකට විතර කලින් නැගිටලා කාමර වලින් එලියට ආවේ එයාලා දෙන්නම පුරුද්දක් විදියට නැගිට්ට ගමන් එලියට ගිහින් පොඩ්ඩක් හාන්සි පුටුවල වාඩිවෙලා මොනවත් කතා කරන්න නැති උනත් කොහෙ හරි තියෙන ගහක් ගැන හරි කතා කරන්න පුරුද්දක හිටියා...තාන්‍යා නැති ටිකෙ නම් ආන්‍යා නැගිට්ට ගමන් ගිටාර් එක අරන් සින්දු කිව්වෙ යේශිට ඇහෙන්නත් එක්ක....

"අක්කේ"

"ඕඕ..තනු"

"මොනාද ඔයා හොයාගත්තෙ"

"ම්ම්ම්..එක කොල්ලෙක් ගැන නම් හොයාගත්තා ටිකක් වැඩිපුර අනික් අයට වඩා.."

"නම මොකක්ද "

"හරිත කියල"

"අහ්.."

"ඇයි"

"මටත් ඈකි උනේ එයා ගැන හොයාගන්න විතරයි"

"තව දෙයක්"

"ඒ මොකක්ද "

"ළමයි තුන්දෙනාම අනාත නිවාසවලින් ගත්ත ළමයි කියල"

"මොකක්"

"හ්ම්ම්..ඔව් තනූ...ඔය රොව්ඩන් කියන මනුස්සයා අර නිළියව බැන්දේ වත්සලා නැන්දට පේන්න නිළිය පවා මේ මිනිහගෙන් ඩිවෝස් කියන්නෙ අනික එයාලට ළමයි නෑ කියන්නෙ මොකක් හරි දෙයක් තියෙනව කියන එකනෙ"

"ම්ම්ම්...එතකොට ඒ පිරිමි ළමයි තුන්දෙනාම අනාත නිවාසෙකින්ද"

"ඔව්..ඔය පව්ලේ බාලම කෙනාට 25 ක් ලු..අනික් අයගෙන් එකෙක් ඔය දේශි අක්කගෙ වයසෙ අනිකානම් ඉන්නවද මැරිලද කියල කවුරුත් දන්නෑලු"

"අනේ මන්දා අක්කෙ...උනුත් ඔය රොව්ඩන් එක්ක හැදුණු නිසා ඌ වගෙම ඇති නේද"

"ඔව් සමහරවිට"

"සමහරවිට කියන්නෙ"

"සමහර ළමයි ඉන්නවනේ ඉතිම් එයාලගෙ අම්මලා තාත්තලා කොච්චර නපුරු ආත්මාර්ථකාමී අය උනත් ගුණදර්ම වලින් බලනකොට ඒ ළමයි ඒ අම්මලා තාත්තලාට වඩා දහස් ගුණයකින් හොද අය"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now