අවසන් කොටස (Part II)

96 8 4
                                    

"බලපන්..අර බැල්ලිගෙ පුතා මේ ගේට්ටුව බාගෙට වහලා සමච්චල් හිනාව දැම්මෙත් අපි ඉන්න බව දැන දැන වෙන්නැති"

"හ්ම්"

අබිරුගේ කෝපය වැඩිවෙන තරමට අබිරු කතා කරන ප්‍රමානය වැඩිවන නිසා ආන්‍යා කෙටියෙන් ඔහුට උත්තර දෙමින් ඔහු පසුපස ඇවිද ආවේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි ඔහු පෙරමුණ ගත්තත් කුමක් හෝ හේතුවක් නිසා රොව්ඩන්ගෙ නිවස දකින කල ඔහු මදක් පසුබාමින් දෙවෙනියට ගේට්ටුවෙන් ඇතුළට පැමිනි ජයවීර මහතා මෙවර මුලසුන ගෙන ඉදිරියට ඇවිද යද්දියි.....

"දැන් කටපියාගනින් බන්..කෙල්ලන්ට වඩා අන්තයිනෙ යකෝ කියවිල්ලක්..ගම්වල ඉන්න ඇන්ටිලා වගෙ"

"කුණුහරුප අහගන්න එපා නන්ගි"

අයියා නගෝ වාද විවාද මැද මෙවර ඔවුන් රොව්ඩන්ගෙ නිවස තුළට ඇතුල් වූ අතර රොව්ඩන්ගෙ නිවසේ සාලය හිස් වි තිබුනෙ වෙනත් ගෙවල් වල සාලයට වඩා හාත්පසින් වෙනස් ආකාරයටයි....තවත් අඩි කිහිපයක් ඉදිරියට ඇව්දගෙන ආ ඔවුන් එකතැන ගල්වී එක් දිශාවක් දෙස ඇසිපිය නොසොල්වා බලා සිටියෙ විශාල තිරයක අබිරුත් ආන්‍යාත් සැගවි සිටි ස්ථානය දෙස බලා සිටින රොව්ඩන්ව දෙස බලාගෙනයි...

"ලොකු පුතා...ඔයා ආවා නේද..."

පැලද සිටින උපැස් යුවල  ගලවා දැමූ රොව්ඩන් අබිරු දෙස බලමින් සමච්චලයට සිනාසෙමින් ආන්‍යා හා ජයවීර මහතා දෙසද බැලුවෙ මවාගත් සිනහවක්ද ඔවුන්ට හෙළමින්...

"කොහෙද කියපම් මගෙ කෙල්ල"

"ආ...කෙල්ල..කිව්වෙ..මෙහෙමනෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවා තව එක කොල්ලෙක් ඉන්නව...තව එකෙක් එන්න ඉන්නවා..එතකොට ඔය ඔතන හිටගෙන ඉන්න කෙල්ල ඉන්නවා"

"මන් මෙතන කතා කර කර ඉන්න ආවෙ නෑ උබ එක්ක"

"එහෙනම්...මට ගහලා මුන්ව අරන් යන්නද ආවේ"

"ගහන්න...ගැරඩින්ට ගහන්නෑ මම"

රොව්ඩන් දෙස දවා අලු කරන ආකාරයෙ බැල්මක් හෙලමින් අබිරු අඩි කිහිපයක් ඉදිරියට ඇවිද ගියේ රොව්ඩන්ද ඇසිපිය නොහෙලා ඔහු දෙස බලාගෙනම සිටිද්දියි..

"කව්ද එන්න ඉන්න කෙනා"

එවර ප්‍රශ්නය ආන්‍යාගෙන් රොව්ඩන්ටයි...

🎉 You've finished reading 𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G) 🎉
𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now