28 කොටස

73 13 1
                                    

ජයවීර මහත්මයා හරිත සමග රෝහලට පිටවෙද්දි ඔහුට උදව්වට ආන්‍යාත් අදේශුත් පිටව ගිය අතර අනික් අය හැමෝම සාලෙට වෙලා ගල් ගැහිලා වගේ බලන් හිටියෙ සිදු උන දේ කාටවත් හිතාගන්න බැරි නිසා...

"ඒ මොකක්ද උනේ නැන්දේ,කව්ද ඒ කොල්ලා"

"ඒ දරුවගෙ නම හරිත..හරි හොද දරුවෙක්..අපි එක්ක හරි එකතුයි"

දේශි වත්සලාගෙන් ඒම ඇහුවත් එක්ක වත්සලා උත්තර දුන්නෙ ඇස්වල කදුලු පුරවන්...

ඒත් එක්කම ආය වතාවක් ආන්‍යාලගෙ ගේට්ටුව ඉස්සරහ බයික් එකක් හෝන් කරනව ඇහුණ නිසා තාන්‍යා දුවලා ගියේ ආව කෙනා කව්ද බලන්න...

තාන්‍යා ගිහින් ගේට්ටුව ඇරියත් එක්කම තාන්‍යා දැක්කෙ එයා කවදාවත් එයාලගෙ ගෙදරදි දකින්න බලාපොරොත්තු නොවුන කෙනෙක්...ඔව් වෙන කවුරුත් නෙවෙයි ඒ අබිරු....අබිරුව දැක්ක පාරට තාන්‍යාට ගේට්ටුව වහන්නත් අමතක වෙලා අබිරුගෙ බයික් එක පස්සෙන් ගියෙ අබිරු අහේතුකව ගෙදරට එන්න විදියක් නැති නිසා....

බයික් එකෙන් බැස්ස අබිරු හැරිලා බැලුවෙ එයාගෙ පිටිපස්සට වෙලා ඉන්න තාන්‍යාව ඒ එක්කම ගෙට්ටුව දිහා බැලුව අබිරු ආන්‍යාට කතා කරලා කිව්වේ ගේට්ටුව වහන් ගේ ඇතුළට එන්න කියල....
ඒ එක්කම තාන්‍යා ගේට්ටුව වහලා අබිරුගෙ පස්සෙන් ගිහිම් අබිරු ගේ ඇතුළට යන්න කලිම් අල්ලගත්තෙ අබිරු ගේ ඇතුළට යන්නැතුව දොර ලගට වෙලා ගේ ඇතුළ දිහා වගේම අබිරු දිහා බලන් ඉන්න දේශි වත්සලා මල්ශි වගේම ආන්‍යාලගෙ නන්ගි උන සනුල්‍යාත් දිහාත් බැලුවේ මුහුණේ කිසිම හැගීමක් නොමැතිව....

ඒ එක්කම අබිරු දැක්කෙ සාලේ පුරා තියෙන ලේ පැල්ලම් ඒ වගේම සෝෆාවෙත් කලබල උන අබිරු ඇසිල්ලකින් ගෙට ගොඩ උනේ ගෙදර කාටවත් කරදරයක්ද බලන්න වගේ....

"මොකද උනේ නන්ගි"
අබිරුගෙ පලවෙනි ප්‍රශ්නය තාන්‍යාට...තාන්‍යා උන දේවල් කියන්න හදනවත් එක්කම වත්සලා ඉස්සර උනේ මොන දේ හැන්ගුවත් දරු සෙනෙහස හන්ගන්න බැරි නිසා...

"ලොකු පුතේ"

කදුලු සලමින් අබිරුව වැලදගත් වත්සලා අබිරුව තදින් බදාගත්තෙ අවුරුදු ගණනාවකට පස්සෙ තමන්ගේ පලවෙනි දරුවා ගෙදර ආව නිසයි....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now