19 කොටස

76 16 4
                                    

"මන් නිසාද ඔයාට එහෙම උනේ"

ආන්‍යා අබිරුගෙ පැත්තට හැරිලා ඒම අහනවත් එක්ක අබිරු ආන්‍යා ලගට ඇවිත් ඉදගත්තෙ ආන්‍යා කියන්නෙ පුන්චි දේටත් ගොඩක් දුක් වෙලා ඒ ගැන හිත හිත පසුතැවෙන නිසා...ආන්‍යා ලගට ඇවිත් ආන්‍යාගෙ ඔලුව අතාගන ගමන් අබිරු ආන්‍යාට කතා කරා..

"එදා මටත් හිතුනෙ ඔයා නිසයි මට එහෙම උනෙ කියල ..ඒත් මන් ලොකු වෙනකොට තේරුම් ගත්තා...පොඩි ළමයා මොනා කරන්නද කියල...මට තරහ ඇති උනෙ අම්මා තාත්තා ගැන"

"අම්මා තාත්තා කරපු වැරැද්ද ඔයාව අනාත නිවාසෙකට දුන්න එකද"

"නැහැ ආන්‍යා...බයගුල්ලො වගේ හැන්ගිලා හිටිය එක"

"එයාලා බය උනේ ඔයාට කරදරයක් කරයි කියල හිතලා නිසා වෙන්න පුළුවන්නේද"

"ඕවා හිතලා තේරුමක් නැහැ..ඔයාලා යන්න දැන්...මට පොඩ්ඩක් තනියම ඉන්න ඕන"

"අම්මා දන්නවා නේද ඔයා ගැන"

"ඔව් ඒ දෙන්නම දන්නව..
මාව හම්බෙලත් තියෙනව එයාලට"

"ඇයි එහෙනම් තාම අපි ගාවට නො එන්නෙ%

"මොකද මට ඕන දේවිකා නැන්දලගෙ මරණෙ කරපු මේ මනුස්සයට ලැබෙන්න ඕන ලොකුම දඩුවම දෙන්න"

"හ්ම්ම්ම්...අම්මටයි තාත්තටයි අපි මොකද කියන්නෙ"

"මොකුත් කියන්න ඕන නෑ ලොකූ..ඔයාලා නිහඩව ඉන්න..අඩුම දේශි නන්ගිලාවත් දැනගන්න ඕන නෑ මේවා..අනික මල්ශි ඔයාලා ගැන සැකෙන් ඉන්නෙ..දැන් එහෙ ගිහිම් සාමාන්‍ය විදියට හැසිරෙන්න"

"අයියේ...මන් එන්නම් ආයම අයියව බලන්න.."

"දෙන්නම එනවනම් එන්න..මෙහෙ එන්න එපා ඒත් ආයම...මොකද මාව හම්බෙන්න එන අය ගැන රොව්ඩන් හොයනව..ඔයාලට කරදරයක් වෙයි"

"අපි ආයම කවදද මීට් වෙන්නෙ"

"පොඩී..මන් කියන්නම් තැනක් ...දැන් යන්න දෙන්නම පරිස්සමෙන් "

"හ්ම්ම්..පරිස්සමෙන් ඉන්න අයියේ"

එහෙම කියපු තනූ අබිරුව බදාගත්තෙ උතුරන සහෝදර ප්‍රේමයෙන්....

ආන්‍යා නිහඩවම ඒ දිහා බලන් ඉදලා අබිරුට හීන් හිනාවක් දාලා යන්න හැරුණේ තාන්‍යා වගේ ආන්‍යා ආදරේ පේන්න බෙදාගන්න කෙනෙක් නොවන නිසා..

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now