අභිරහස් පුස්තකාලය

278 70 12
                                    

රැයේ සීතලට මැදිව, සීතල නොදැනෙන්නියක් සේ තනිව උද්‍යානයට වී කනාමැඳිරි එළි ගණන් කරමින් සිටි දොං ජී ගැස්සී ගියේ කුමරියගේ කටහඬින්.

කුමරිය:දොං ජී..

දොං ජී:කුමරිය..😳
මට සමාවෙන්න කුමරියනි. මා ඔබ ලඟට එනතුරුම දුටුවේ නෑ.

කුමරිය:ඊට කම් නොවේ. කළාමැඳිරි එළි එක එක රටා  මවද්දි හරිම ආකර්ෂණීයයි, නේද දොං ජී?

දොං ජී:එසේයි කුමරියනි. මා ඊට බොහෝ ප්‍රිය කරනවා.

කුමරිය: කොහොමද ඔබට? ඔබේ වැඩ කටයුතු කොහොමද?

දොං ජී: හොඳයි කුමරියනි. ඔබ  මේ සීතලට අසනීප වේවි. අපි මාළිඟයට යමු.

කුමරිය: ඊට කම් නොවේ ඔබට මා හට බෙහෙත් කර හැකියිනෙ.😊

දොං ජී:එහෙත් කුමරියනි.

කුමරිය:ම්ම්.. දොං ජී

දොං ජී:කිමද කුමරියනි?

කුමරිය: මා සමඟ ගමනක් යෑමට පැමිණිය හැකිද?

දොං ජී:එහෙමයි කුමරියනි.

දොං ජී කුමරිය පසු පසින් ගියා. කුමරිය ගියේ තම පියාණන්ගේ මාළිඟයට නුදුරින් තිබෙන ගඟ දෙසට, එහි තිබෙන විශාල නුග ගස ළඟ නැවතී ඇය අවට විපරම් කරා.

ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවෙක්ම එහි පෙනෙන්නට සිටියේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවෙක්ම එහි පෙනෙන්නට සිටියේ නැහැ. ඇය නුග රුකේ පහළට එල්ලී ඇති මුල් වලින් අඳින්න ගත්තා. එවිටම නුග රුක මැද්දෙන් විවර වුණා. දොං ජී බියෙන් ඒ දෙස බලා සිටියා.

කුමරිය: පැමිණෙන්න මා සමඟ.

කුමරිය කතා කරත් දොං ජීට සිහියක් තිබ්බේ නැහැ. බියෙන් බලා සිටි දොං ජීගේ අතින් ඇඳ එතුළට ගෙන කවුරු හෝ දකින්නට පෙර නුග රුක මැදින් මතු වූ දොර වසා දැමුවා. කුමරිය එතැනින් එල්ලී වැටුණු තවත් නුග මුලක් ඇද්ද විට එතන පහළින් තිබුණු තවත් දොරක් විවර වුණා. කුමරිය අල්ලා ගත්තේ නැති නම් එතනින් පහළට දොං ජීව වැටීමට ඉඩ තිබුණා. දොං ජීගේ අතින් අල්ලා ගෙන කුමරිය එතනින් පහළට තිබුණු පඩිපෙළ දිගේ ගමන් කරා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now