නොමියන හිරු

1.5K 115 20
                                    

සුදු නෙළුම් පෙති දිගහැරෙන හිමිදිරියේ ජී සන් අධිරාජ්‍යයා සහ අධිරාජිණිය පාරුවක ගඟ දිගේ සිරි නරඹමින් සිටියා. අධිරාජිණියගේ අතේ සිටිය මාසයක්වත් සපිරුණු නැති බිලිඳාගේ සුරතල් බලමින් අධිරාජ්‍යයා ළදරුවෙක් මෙන් සිනාසුනා. නොසිතූ මොහොතක අහසේ එක් කොනකින් අඳුරු පැහැ වර්ණ ගැන්වුණා. අධිරාජ්‍යයාට සිතුනා කුමක් හෝ අනතුරක පෙරනිමිත්තක් බව එය. ඒත් සමඟම අධිරාජ්‍යයා හා අධිරාජිණිය ගමන් ගත් පාරුවට පණිවිඩයක් රැගත් ඊතලයක් එල්ල වුණා. අධිරාජ්‍යයා දුටුවා ඈතින් සිටින සෙබලෙක් එය එවූ බව. අධිරාජ්‍යා යුහුසුළුව එහි දවටා තිබූ පණිවිඩය කියවා බැලුවා. එහි ලියා තිබුණේ, ජී සන් අධිරාජ්‍යයට මී යන්ග් අධිරාජ්‍යයෙන් පහරදීමක් එල්ල වන බව.

      එවකට මී යන්ග් අධිරාජ්‍යය පාලනය කරේ කූර රැජිණියක්. ඇය පිරිමින් වහලුන් කර වැඩගත් තැනැත්තියක්. එහෙත් රැජිණියක් හැටියට දුටුවොත් රජවරුන්ටත් වඩා හොඳ හා ශක්තිමත් නොබිඳෙන පාලනයක් ඇය ගෙන ගියා. මිනිසුන් ඇයව හැඳින්නුවේ "නොමියෙන හිරු" ලෙස. ඇයගේ එකම අභිලාෂය වුණේ මුළු චීනයම හොඳින් හෝ නරකින් තමන් යටතට ගැනීම.

 ඇයගේ එකම අභිලාෂය වුණේ මුළු චීනයම හොඳින් හෝ නරකින් තමන් යටතට ගැනීම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිමද, එකල අනාවැකියක් තිබුණා,

"අනාගතයේ පහළ වන රැජිනියක් මුළු චීනයම එක්සේසත් කරන බව."

ඒ අනාවැකියේ සත්‍යය අසත්‍යය භාවය කෙසේ වෙතත් චීනයේ ජීවත් වූ යමක් කමක් ඇති සෑම තරුණියක්ම රැජිණියක් වීමට හීන දුටුවා.එම නිසා කලකෝලාහල සේම ඇතැම් අවස්ථා වල දී මරණ පවා අසන්නට දකින්නට ලැබුණා.

අධිරාජ්‍යාට සිතා ගත නොහැකි වූයේ, මෙතරම් කාලයක් කිසිම රාජ්‍යකට යටත් නොවී තිබුණ එකම අධිරාජ්‍යය වූ ජී සන් අධිරාජ්‍යය අල්ප මොහොතක් තුළ මී යන්ග් අධිරාජ්‍යට යටත් වීම.
ඔවුන් තවත් තැතිගත් කාරණයක් වූයේ තම දරුවා.

අධිරාජ්‍යයා ඉක්මනින් පාරුව ඉව්රට රැගෙන යන ලෙස රාජකීය පාරු පදවන්නාට කියා සිටියා. ඒ අතර ඊළඟට ගන්න ක්‍රියා මාර්ගය ගැන අධිරාජ්‍යයා සිතා සිටියා.
නොසන්සුන් අධිරාජිණිය සන්සුන් කිරීමට උත්සාහ දරමින් අධිරාජ්‍යයා ඇයට මෙසේ කියා සිටියා,

අධිරාජ්‍යයා - මේ මොහොතේ අප සිහිබුද්ධියෙන් කටයුතු කල යුතුයි.
ඔබ දරුවාගේ කොට්ටය දරුවෙකු සේ සකසා ගෙන වනාන්තරය දෙසට දුවන්න. එහි ඇති ගල්ගුහා අතර සැඟවී සිටින්න. මා මාළිඟයට පිටව යන්නම්.

(රාජකීය පාරු පදවන්නාට අඬගසා)

ඔබ අතෙයි අපගේ අනාගතය. ඔබ ඔබේ පණමෙන් අපගේ දරුවා ආරක්ෂා කරයි කියා මා බලාපොරොත්තු වෙනවා.

එසේ පවසා අධිරාජිණියගේ ලයට තුරුළු කරන් සිටි දරුවාව අධිරාජ්‍යයා රැගෙන අධිරාජ්‍යයාගේ ගෙළ පැළඳි පාරම්පරික මාලය පලඳවා හිසට මුදු හාදුවක් දී රාජකීය පාරු පදවන්නාට භාරදුනා.
එසේ කළේ අධිරාජ්‍යයාට මේ මොහොතෙහි ගත හැකි ආරක්‍ෂිතම පියවර එය යැයි හැඟුන නිසා. රාජකීය පාරු පදවන්නා දරුවා අධිරාජ්‍යයාගේ අතින් ගෙන දරුවා රැගෙන ආ  කූඩයට දමා ආවරණය කළා.
ඉන්පසු අධිරාජ්‍යයාට හා අධිරාජිණියට සමු දී ඉක්මනින් පාරුව ඔහුට ආරක්‍ෂිතයි කියා හැඟුන නිරිත දෙසට ගමන් කළා.
අධිරාජ්‍යයා හා අධිරාජිණිය බොඳ වූ නෙතු වලින් ඒ දෙස බලා සුසුම් හෙල අධිරාජ්‍යයාගේ සැලසුමට අනුව සමුගැනීමට සැරසෙත්ම,
අධිරාජිණිය අධිරාජ්‍යයාගේ ගෙළවට අත් යවා අධිරාජ්‍යයාගේ උණුසුමට ගුලි වුණා. ඇයට හැඟුනේ මුළු ලෝකයම තමන්ට අහිමි වී යන බවක්. අධිරාජිණිය  තමාට තුරුළු කොට සැනසවූ අධිරාජ්‍යයා සැනෙකින් පිටත්වුණේ ඇයටත් වඩා ඔහුට ඇයගේ කඳුළු දරා ගත නොහැකි නිසා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now