අවන්හල

140 43 25
                                    

රත් පැහැති හිරු අහසේ රටා මවන්නාක් සේ ඇය නර්ථනයේ යෙදුනේ හිතේ ඇති කාංසිය වේදනා සංසිඳවා ගැනීමට.

කිසිම දා නොවූ ලෙස එක්වරම ඇගේ පා පැකිලී ඇඳ වැටුණා. එමෙන්ම ඇගේ යටි පතුලෙන් මදක් රුධිරය ද වහනය වුණේ ඇගේම පාදයේ නිය පොත්තාක් වැදී. සේවිකාවන් ඇය අසලට දුවන් විත් ඇයව නැගිටවා සිටියා. එහෙත් ඇයට එහි අමුත්තක් තේරුන නිසාත්, දොං ජී එදා දුටු සිහිනය මතක් වූ නිසාත් ඇය තීරණය කරා හන් රාජ්‍යය වෙත පිටව යෑමට.

ඒ වන විට උදෑසන 9 ට පමණ වී තිබුණ නිසා ඇයට නිගමනය කරා හෙට දි උදෑසන විට ඇයට එහි ළඟා විය හැකි බව.

රාත්‍රී කාලය උදා වුණා. ඇය යන අතරමඟ කුඩා අවන්හලක් නවාතැන් ගැනීම සඳහා සොයා ගත හැකි වූවා. එහි යම් අමුතු බවක් තිබුණත් ඇය එහි ලැගුම් ගත්තා.

ඇය ආහාර ගත් පසුව නින්දට ගියත් ඇයට නින්ද ගියේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇය ආහාර ගත් පසුව නින්දට ගියත් ඇයට නින්ද ගියේ නැහැ. ඇයට නොයෙක් ආකාරයේ සිහින පෙනෙන්නට පටන් ගත්තා. එහෙත් ඇයට සිතා ගත නොහැකි ලෙස ඇගේ සිහිනයන් තුලට ජී වොන් පැමිණි නිසා, ඇයට නිදාගත හැකි වූවා.

ඒ සියල්ල සිතෙහිම සඟවාගෙන ඇය උදෑසනින්ම එම අවන්හලෙන් අහාරගෙන පිටව ගියා.

සටන තවමත් පවතින නිසාත්, සේනාව දුර්වල නිසාත් තමන් පුහුණු කරන සෙබළුන් මලයණ්ඩියගේ සේනාව ශක්තිමත් කිරීමට රුකුලක් වෙයි කියා සිතුනු නිසා ෆෙයි යී ගියේ ඔවුන් පුහුණු කරන ස්ථානයට. එහි සිටි සෙබළුන් සමඟ යළි හන් රාජ්‍යයට යන විට රෑ බෝවී තිබුණා. එම නිසා අද දින එහි නැවතී හෙට දින කඳවුරු බලා පිටව යෑමට ඇය තීරණය කරා.

....................................

ලොව නිහඬ වෙන බවක් ඒ මොහොතෙහි ඇයට දැනුනා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now