කෝපය

237 60 5
                                    

සීත සුලඟ මල් පෙතිවන් සිතුවිලි සලමින් හමා ගියේ අලුත් දවසකට සූදානම් වෙන්න කියා පවසමින්.

දොං ජී කුමරියට අද පාඩමට අවශ්‍ය කරන පොත් පිළියෙල කරා. ඉන්පසු ඇය සමඟ ඉගැන්වීම් කටයුතු කරන ශාලාව වෙත පිවිසියා. පෙර දා මෙන්ම තම පියාණන් ඉගැන්වීම් කටයුතු වලට පැමිණියා.

ප්‍රධාන වෙදැදුරු: අද අපි බෙහෙත් පැළෑටි හඳුනා ගනිමු.

මා කණ්ඩායම් එකක දෙදෙනෙකු බැගින් වැටෙන ලෙස ඔබලාව වෙන් කරනවා. ඒ කණ්ඩායම් අද සිට ඉදිරියට එකට එක්වී සමඟිව සහයෝගයෙන් අධ්‍යනය කටයුතු කළ යුතුයි.

පළමුවැන්නෑ සිට පටන්ගන්න 1 සිට 25ට ගණන් කර, නිමවූ පසු නැවත මුල සිට ගණන් කිරීමට පටන් ගන්න.

ගුරුතුමන් කියූ පරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන් කිරීමට පටන් ගත්තා. ශිෂ්‍යාවන් ප්‍රාර්ථනා කළේ තමන්ව කිම් චන් කුමරුන් සිටින කණ්ඩායමට වැටේවායි කියා. ඔවුන් ඔහුගේ අංකය මතක තියාගෙන ඇඟිලි ගනිමින් සිටියා. කුමරියට ඒ ගැන වගක්වත් තිබුණේ නැහැ. පළමු වටය නිමාවී දෙවැනි වටය ආරම්භ වුණා. කුමරියත් ඇයට අංකය පැවසුවා. ශිෂ්‍යාවන්ගේ බලාපොරොත්තු බිඳ හෙළමින් කිම් චන් කුමරුගේ අංකයම කුමරියටත් ලැබුණා. ඇය ඒ ගැන දැනත්තේ තමන්ගේ කණ්ඩායමේ අනිත් කෙනා අසලට යාමට කියා ඔවුන් පිළිවලින් නැගිට්ටවමින් දෙදෙනා බැඟින් අසුන් සකසා ගැනීමට කියා පවසද්දී. ඇයට පෙර දින සිදුවූ සිදුවීම මතක් වී මූණ ඇඹුල් වී ගියා. ඇය ඇති වූ අපහසුතාවය මැඩගෙන ඔහු අසලින් අසුන් ගත්තා. කුමරුන් නම් ආපු මොහොතේ සිට අවධානෙන් සිටියේ දොං ජී ගැන. ඔහු සිතින් ප්‍රාර්ථනා කරා කුමරියව තමා සමඟ වැටෙන ලෙස. කිමද එවිට ඔහුට දොං ජීගේ අවදානය ලබා ගත හැකියි නිසා. ඔහු ඔවුන් දෙස බලා පිළිගැනීමට මෙන් සිනාසුනා. ඔවුනුත් ඔහුට එවැනිම සිනාවකින් සංග්‍රහ කරා. කුමරිය දෙස බලා වුන් එහි ශිෂ්‍යාවන් ඇයට ඊර්ෂ්‍යා කරා.

කුමරිය තම අසුන කිම්චන් කුමරුට එහා පැත්තෙන් සැකසුවේ දොං ජීටත් එවිට අසුන් ගත හැකි නිසා.

සියල්ලම ගුරුතුමන් කියූ ලෙසින්ම අසුන් ගත්තා. ඉන්පසු වෙදමැදුරේ සේවිකාවන් ඔවුන් දෙදෙනාට එක බැඟින් නොයෙකුත් බෙහෙත් පැළෑටි බහාලුමක දමා දුන්නා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Kde žijí příběhy. Začni objevovat