ප්‍රථම ප්‍රේමයේ හිමිකරු

151 46 40
                                    

අහස මත විමන් තැනූ ආදරණීයම ස්වප්නයක් සේ සිතුවිලි සමුදායක පැටලී ඇති හැඟීම් දෙසිතම සනසාලූවා.

දොං ජී:අයියණ්ඩි, මා නිසයි මෙසේ වූයේ 😢 මා නිසයි 😢

ජී හන්ග්:එසේ නොවෙයි නැගණිය ඔබ එසේ සිතන්න එපා. මෙය සුළු තුවාලයක් පමණයි. මෙය ඉක්මනින්ම හොඳ වෙයි. 😊

දොං ජී:එහෙත්..

ජී හන්ග්:මා පැවසුවානේ, ඒ ගැන යළිත් සිතන්න එපා ඉතින්.
ඔහු යළිත් හමුවීම ගැන මට පවසන්න හැකිද?

දොං ජී:ඔව්. එහෙත් ඔහුට මා අමතකව ඇති, 😔 ඔහු පෙරට වඩා වෙනස්ව ඇති බවක් පෙනෙන්නට තිබුණා. 😔

ජී හන්ග්:ඔබ කොතරම් අමතක කරන්නට උත්සාහා දැරුවත් එය සිදු කර නොහැකි බව මා දන්නවා නැගණිය. ඔබ ඔහුට තවමත් සෙනෙහස දක්වනවා. ඔහු වාසනාවන්තයි.

දොං ජී:ඇයිද?

ජී හන්ග්:😊 ඔබේ ප්‍රථම ප්‍රේමයේ හිමිකරු වීමට.

දොං ජී:අයියණ්ඩි.

ඔබට මා විශ්වාස නැතිද?

ජී හන්ග්:මේ ලොව ඔබ පමණයි මා විශ්වාස කරන්නේ නැගණිය. ඔබ එය දන්නවා. ඉතින් ඇයි යළිත් ඒ ගැන විමසන්නේ?

දොං ජී:එසේ නම් ඇයි ඔබ ඔහු ගැන විමසන්නේ?

එවිටනම් ජී හන්ග් නිරුත්තර වූවා. කිම් චන් කුමරුන් ගැන පවසන සෑම අවස්ථාවකදීම ජී හන්ග්ගේ වෙනස් වීම ඇය දුටුවා. එහෙත් ඔහුමයි ඒ ගැන පළමුව විමසන්නේත්. යම් දිනවල ඔහු සැඟවී හඬන අවස්ථාද ඇය දැක තිබුණා. ඇය මේ අවස්ථාවේදී කෙසේ හෝ මෙය විසඳා ගැනීමට අවශ්‍ය වුණා.

ජී හන්ග්:දැන් බොහෝ රෑ බෝ වෙලා නැගණිය. අපි නින්දට යමු. අද බොහෝ වෙහෙස කර දවසක්.

ඔහු ඇගේ නලළ මත මෘදු හාදුවක් තියා, වේදනාව තෙරපී සැඟවීමට වෑයම් දරන සිනහවක් ඇයවෙත හෙලුවා. ඇයට වැටහුණා ඔහු සිනාසුණු ආකාරයෙන්ම ඔහු සිත් වේදනාවෙන් සිටින බව.

දොං ජී:නොහැකියි..

ජී හන්ග්:😊 මා මේ සංසාරය පුරාවටම සෙනෙහස දක්වන්නේ ඔබට පමණයි. ඔබ කැමති තරම් කාලයක් ගන්න. මා ඔබ වෙනුවෙන් සඳාකාලිකව බලා ඉන්නම්.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin