අයියාටම හරියන නැගණිය

317 71 7
                                    

කුමාර මාළිඟයට පිවිසි දොං ජී සෑමතැනම නෙත් යොමා බලමින් කුමාර මාළිගයේ සිරි විදින අතරතුර පිටි පස්සෙන් කවුරු හෝ පැමිණෙන හඬක් ඇසුනු නිසා හැරී බැලුවා.

කුමරිය: නුඹ කවුරුද මා අයියන්ඩියගේ මාළිගයට අනවසරයෙන් ඇතුළු වෙන්න?

සියුමැලි වුවත් තීව්ර කටහඬකින් ඇහුවේ යී ඉන් කුමරුගේ නැගණිය ලිලී කුමරිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සියුමැලි වුවත් තීව්ර කටහඬකින් ඇහුවේ යී ඉන් කුමරුගේ නැගණිය ලිලී කුමරිය. ඇය බොහෝ වෙලාවට කුමාර මාළිගයේ ගැවසෙනවා. යී ඉන් කුමරුගේ නොහොබිනා වැඩ වලට ඇය නොපසුබටව සැමවිටම උදව් කරා. ඇය කූර තැනැත්තියක් කියා වෛද්‍ය විද්‍යාලයේ සෑම කෙනෙකුම දන්න කරුණක්. මාලිගයේ සේවිකාවන් පවසන්නෙ ඇය "අයියාටම හරියන නැගණිය" කියා.
දොං ජී භය වුණු පාර එසැනින්ම නැමී ඔළුව පොළොවේ ගසමින් කුමරියගෙන් සමාව ඇයද සිටියා.

(කුමරිය මහ හඬින් සිනාසුනා. 😂😂
කුමරිය සිනාසෙමින් ඇයගේ ලඟට ගොස් මුහුණ දෙස බැලුවා.)

කුමරිය: මේ දොං ජී නේ. අද ඖෂධ එක් රැස් කිරීමට ගියේ නැද්ද?
කිමද මෙහේ පැමිණියේ?

එවර නම් දොං ජීගේ හිතේ තිබුණ බය මදක් පහව ගියා. එහෙත් ඇයට පුදුම ඇයව කුමරිය අඳුනා ගත් නිසා සහ සේවිකාවන් පැවසූ ලෙස ඇය නරක තැනැත්තියක් නොවන නිසා.
(ඇය ගොත ගසමින් වචන අමාරුවෙන් ගලපා ගත්තා.)

දොාං ජී: මම මම..😳😳

(එවිටම කුමරුන් මාළිගයට පිවිසියා.)

කුමරුන්: මමයි ඇයට එන්න කීවේ. මගේ සේවිකාවක් විදිහට වැඩ කරන්න.

(එසේ කියා කුමරුන් දොං ජීට නොපෙනෙන ලෙස කුමරිය සමඟ කට කොනින් හිනා වුණා.
එවිට කුමරියට තේරුණා දොං ජීව කුමක් හෝ යටි සැලැස්මක් ඇතිව කුමරුන් පත් කර ඇති බව.)

කුමරිය: එසේමයි කුමරුනි.

දොං ජීට වෙනසක් නොපෙන්වා කුමරිය කුමරුන්ට ආචර කර එතැනින් පිටව ගියා.

කිසිවක්ම නොමැති මාළිගයේ ඔවුන් දෙදෙනා පමණක් තනි වුණා. කුමරුන් දොං ජී දෙස හොඳින් බැලුවා. ඔහුට වැටහුණා ඇය බිය වී සිටින වග. දොං ජී ළඟට ගිය කුමරුන් දොං ජීගේ උරහිස් දෙකෙන් අල්ලා ඇයව නැගිට්ටුවා. ඇගේ නිකටින් අල්ලා ඇයගේ බිමට නැමුණු මුහුණ තමා දෙසට හරවා ගෙන කුමරුන් මෙසේ කියා සිටියා.

කුමරුන්: ඔබට මෙහි බිය වීමට කිසිම කාරණයක් නැහැ.

(දොන් ජීගේ සියුමැලි කම්මුල් පිරිමදිමින්)

ඔබට තිබෙන්නේ මා කියන දේ කිරීම පමණයි.

(දොං ජී දෙස කෑදර ලෙස බලමින්)

තේරුණාද?

දොං ජීගේ වියළී ගිය දෙතොල් වලින් වචන කිසිවක් එළියට පැමිණියේ නැහැ.

සේවිකාවක්:

(පිටත සිට)

කුමරුනි යින් සේවිකාව පැමිණ සිටිනවා.

කුමරුන්: ඇතුළට එවන්න.

(එසැනින් කුමරුන් දොං ජීගෙන් ඈත් වූවා.)

යින් සේවිකාව: කුමරුනි මා දොං ජීගේ කුටිය සුදානම් කරා.

කුමරුන්: දොං ජී ඇයත් සමඟ යන්න. ඇය ඔබට මෙහි සියලු දේ ගැන හොඳින් කියා දේවි.

(දොං ජී තවමත් බලා සිටියේ අත්භූත යමක් දුටුවෙකු සේ.)

යින් සේවිකාව:මා සමඟ පැමිණෙන්න.

යින් සේවිකාව ආපසු හැරී දෙවැනි වරටත් එයම පැවසූ පසු ඇයට සිහි එළඹුණේ.

ඉන්පසු ඈ පසුපස ඇය ඔහේ ඇඳී ගියා. දොං ජී කොරිඩෝව දිගේ යින් සේවිකාව පසු පසින් ගොස් නැවතුනේ කුඩා කුටීරයක් ලඟ. එය කුඩා වුවද පිළිවලකට සකසා තිබුණා. ඇයව එහි තනියම දමා යින් සේවිකාව එතනින් පිටව ගියා.
ඇය තමන් ගෙනා සියලුදේ පිළිවලකට අසුරා සිත තිබුණ කලබරකාරී බව නිසා හාන්සි වූවේ නින්ද ගියොත් මනස තැන්පත් වෙයි කියා සිතමින්.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now