තුරඟ පුහුණුව

131 46 14
                                    

එකින් එක පෙති ඇහැරෙන මල් කිනිති අතර දඟ කරන සුළං රැළි මල් සුවඳ රැගෙන තුරුවැල් අතර දැවටි දැවටී ඔහේ ඇඳී ගියා.

ෆෙයි යී අද උදෑසනින්ම නගරයට පිටව ගියේ දොං ජීට අශ්වයෙකු මිලදී ගැනීමට. නිවසේ තවත් අශ්වයින් දෙදෙනෙක් සිටියා. එක් අයෙක් ජී හන්ග්ට පුහුණු කිරීමට ගෙනා අශ්වයා. අනිත් කෙනා ජී හන්ග්ගේ පියාණන්ගේ අශ්වයා. ඒ අශ්වයා බොහෝ මුරණ්ඩු දරදඬු ගති ඇති අයෙක් වුණා. ඒ අශ්වයා මදක් හෝ හීලෑ වූයේ ජී හන්ග්ට පමණයි. එම නිසා ඇය බිය වුණා එම අශ්වයා දොං ජීට පුහුණු කිරීමට. ඇය එම කාර්ය්‍ය නිමා වූ පසු අවන්හලට පිටව ගියා.

දොං ජී කුටියට වී ෆෙයි යී දුන් පොත් අධ්‍යයනය කරමින් සිටියා. එක්වරම දොරත් විවර කරගෙන ජී හන්ග් දොං ජීගේ කුටියට පිවිසියා.

ජී හන්ග්:නැගණිය (අතින් අදිමින්) මා සමඟ එන්නකෝ..

දොං ජී:(නැගිටමින්)කොහි යන්නද?

ජී හන්ග්:යමුකෝ. ඔබට පෙන්වීමට යමක් තියෙනවා.

ජී හන්ග් දොං ජීව ඇදගෙන ගියේ පිටුපසට වෙන්නට ඇති කුඩා අශ්වගාල වෙත. දොං ජී එම අශ්වයන් දෙදෙනා දෙස මදක් බලා හිඳ සෙමින් ඔවුන්ට ලං වී එහි සිටි සුදු අලංකාර පැහැති අශ්වයාගේ හිස අත ගෑවා. එම අශ්වයා ඇය වෙත සිහින් හඬක් නැංවූයේ ඇයට කැමති බව දැන්වීමට.

දොං ජී:මොවුන් කවුරුන්ගේද?

ජී හන්ග්:මොහු නම් මගේ. ඔහු ඉක්මනින් ඕනෑම කෙනෙකුට හීලෑ වෙනවා. අන් කෙනා මගේ පියාණන්ගේ 😔.

දොං ජී ඔහුගේ මුහුණ වෙනස් වන ආකාරය දැක ඔහු අසලට ගොස් ඔහුගේ උරහිසින් තදින් අල්ලා ගත්තේ ඔහුට ශක්තිමත් වෙන්න කියා දැන්වීමට මෙන්.

ජී හන්ග්:😊(ජී හන්ග් දොං ජී ගේ අතින් ඇඳන් අශ්වයන් අසලට යමින්)
එන්න, මා ඔබට අශ්වයන් හසුරුවන හැටි කියා දෙන්නම්.

ඔහු අශ්වගාල විවර කර ඔහුගේ අශ්වයාව දොං ජීට දුන්නා. ඔහු ඇයට අසුපිට නැගීමට සහයෝගය වී ඔහු ඔහුගේ පියාණන්ගේ අශ්වයා අර ගත්තා.

පියවරෙන් පියවර ඔහු දොං ජීට අසුන් පදවන හැටි ඉගැන්වීමට පටන් ගත්තා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now