ඇයගේ දෛවය

298 74 11
                                    

රැයේ නිහඬ බව මකා දමන නොයෙකුත් සතුන්ගේ ගුප්ත ශබ්ද ඇගේ සිත තවත් සසල කරා. මදනලට හසුව සැලී යන මලක් සේ ඇගේ සිතත් සැලී ගොස් තිබුණා. ඇය වටා තදින් බැඳි මුරකාවල් මෙන් කුමරියගේ දෙ අත් ඇයට දැනුනා.

කුමරිය ඇය සන්සුන් වෙනකන්ම ඇයව තුරුළු කරගෙන හිටියා. ඉන්පසු කුමරිය ඇයව කැටුව ඇගේ මාළිගයට පිවිසියා.

දොං ජී: ස්තූතියි කුමරියනි. ස්තූතියි.

කුමරිය ලඟ දනින් වැටී ඔළුව පොළවේ ගසමින් ඇය කියද්දී කුමරියටත් හිනා ගියා.

කුමරිය:ඇති ඇති දොං ජී. මට ස්තූති අනවශ්‍යයි. මා කෙළේ මට එවේලෙහි හොඳයි කියා සිතුනු දේ. ආපසු අයියණ්ඩිය ඔබට කරදර කිරීමට පැමිණියහොත් වහාම මට පවසන්න. හොඳද?
ඔබට අවශ්‍ය ඕනෑම විටක උද්‍යානය වෙත යන්න. එහි ඔබට ආරක්ෂිතයි.

දොං ජී: එහෙමයි කුමරියනි. ස්තූතියි කුමරියනි. ඔබ ඕනෙම දෙයක් පවසන්න කුමරියනි මා එය ඔබ වෙනුවෙන් ඉටු කර දෙන්නම්. මා දන්නේ නැහැ ඔබට කෙසේ කළගුණ දැක්විය යුතුද කියා.

කුමරිය ඒ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටියා. එම නිසා කුමරියට කට කොනින් සිනා ගියා.

කුමරිය:අප ඒ ගැන පසුවට බලමු. ඔබ දැන් පිටව යන්න. (මදක් කල්පනා කර.) සිටින්න. (ඇගේ ප්‍රධාන සේවිකාවට කතා කරමින්.) යාරා ඔබේ කුටියේ ඔබ පමණක් සිටින නිසා මැයටත් ඔබ සමඟ සිටිය හැකියිනෙ. ඔබේ පාළුවත් නැති වේවි. යෙහෙළියක් සිටින නිසා.

යාරාගේ කට ඇඳ වී ගියා සැනෙකින්. එසේ වුවත් කුමරියව ඇයට ප්‍රතික්ෂේප කීරීමට නොහැකි වුණා.

යාරා:එහෙමයි කුමරියනි.

කුමරිය:දොං ජී එහෙනම් ඔබ යාරා සමඟ යන්න. (යාරා දෙස බලා) ඇයව හොඳින් බලාගන්න. (දොං ජී දෙස බලා) ගිහින් විවේක ගන්න.

දොං ජී: ස්තූතියි කුමරියනි.

යාරා:පැමිණෙන්න මා සමඟ.

යාරා පසු පසින් ගොස් දොං ජීත් යාරාගේ කුටිය වෙත් පිවිසුණා. ඇගේ කුටිය විශාල වුවත් කිසිම පිළිවෙලක් නම් තිබුණේ නැහැ. අඳින ඇඳුම් හා නොයෙකුත් දේ ඔහේ හැම තැනම විසිරී තිබුණා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now