අනාවැකිකරුවා

145 47 11
                                    

අඳකාරය විසින් ගිලගත් වනාන්තරයේ නිශ්චලතාව අසෙකුගේ කුර හඬක් විසින් බිඳ දැමුවා.

ජී හන්ග්:මෑණියන් පැමිණෙනවා.

එය ඇසුණු ජී හන්ග් තමන් නිමවමින් සිටිය ගෙත්තම නවතා දමා දිව ගියේ, තම මෑණියන් පැමිණෙන පෙරමගට.

ජී හන්ග්ගේ හඬ ඇසීම නිසා දොං ජීද සෙමෙන් කුටියෙන් ඉවතට පැමිණියා.

ජී හන්ග්:මෑණියනි. 😊

ජී හන්ග් ගොස් තම මෑණියන්ගේ අතේ එල්ලුනේ කුඩා දරුවෙක් වගේ. එම හැසිරීමෙන් ෆෙයි යී තේරුම් ගත්තා ඔහු යම් දෙයක් ඉල්ලීමට පැමිණෙන බව.

ෆෙයි යී:කුමකටද ඔබ සැරසෙන්නේ?

ජී හන්ග්:මෑණියනි, 😊 මා ගේන්න කියූ රෙදි වර්ගය ගෙනාවාද?

ෆෙයි යී:කුමන රෙදි වර්ගයක්ද?
මට මතක නැහැ.

ජී හන්ග්:මෑණියනි. 😕

ෆෙයි යී අශ්වයා ගසක ගැටගසා දොං ජී වෙත පැමිණ, ඇයගේ ගමන් මල්ලේ තිබූ පාර්සලයක් ඇය වෙත දුන්නා.

ෆෙයි යී:දියණිය මෙය ඔබට. මෙහි ඔබට අවශ්‍ය ඇඳුම් හා අනිත් කළමනා තිබෙනවා.

දොං ජීට සිතාගත නොහැකිව බලා සිටියේ ඇයගේ එම කරුණාවන්තකම වෙන කිසිවෙකුගෙන් දැක තිබූ නැති නිසා. එහෙත් ඇය වුණා ඇයව විශ්වාස කිරීමට.

ජී හන්ග්:කුමක්ද බලා සිටින්නේ. අපි එය ලෙහා බලමු.

දොං ජීගේ අතින් ඇඳ ජී හන්ග් එතන තිබූ පිලෙහි වාඩි වුණා. දොං ජීද ඔහු අසලින් වාඩි වුණා.

ජී හන්ග් එකින් එක එහි තිබූ දේ බැලුවා.

එහි තිබූ ඇඳුමක් ගෙන එහා මෙහා හරවමින්.

ජී හන්ග්:මේ පිරිමි ඇඳුම් කාටද?

ෆෙයි යී:මැයට. කාන්තා ඇඳුමෙන් සැරසී මැයට කඩු සටන් පුරුදු වීමට නොහැකියිනේ.

ජී හන්ග්:මෑණියනි. මගේ නැගණිය පිරිමි ඇඳුම් අදිනවාට මා අකමැතියි. මැය මොකටද කඩු සටන් ඉගනගන්නේ. මැය ඉගන ගත යුතු කාන්තාවන් ඉගන ගතයුතු දේවල්. මෑණියනි. 😕

ෆෙයි යී සිනාසෙමින් එතනින් පිටව ගියා.

ජී හන්ග්:කුමටද මේ සුදු පාට රෙදි කැබලි.. ?? 🙈🙈

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now