ආරම්භය

260 68 10
                                    

මහා වර්ෂාවන් ලදළු පත් වලට රිඳවමින් ඇඳ හැලුනේ තුරුලතා වලට ලඟ පැමිණෙන ශීත සෘතුවට සූදානම් වන්න කියා අඟවමින්.
ගිම්හානයේ සිව් අවුරුදු පුහුණුව ලැබූ වෛද්‍ය ශිෂ්‍යන් ගණනාවක් ඉවත් වුණේ තවත් නව පරපුරකට වෛද්‍ය විද්‍යාලයේ දොරටු විවර කරමින්.

එම වසරේ ශිෂ්‍යාවක් ලෙසින් ඇතුළු වීමට කුමරිය පෙරමඟ බලා සිටියා.

කුමරුන් නම් පියාණන්ගේ බල කිරීමට ඒ වසරේ ශිෂ්‍යයෙක් වීමට කැමති වුණේ.

දොං ජීවත් ශිෂ්‍යාවක් ලෙසින් ඇතුළු කර ගැනීමට කියා පියාණන් කීවත්, කුමරිය එය හිතාමතා මඟහැරියේ දොං ජී තමාව අභිබවා යයි කියා ඇති වූ භිය හේතුවෙන්. එහෙත් ඇය ඇගේ වෛද්‍ය ශිෂ්‍ය සහාය සේවිකාව වශයෙන් දොං ජීව පත්කර ගත්තා. එම නිසා දොං ජීට ග දවස් වලට වඩා සහනයක් ලැබුණා.

සුදු පාට මල් තුහින වැස්ස ශීත සෘතුවේ උදාව සනිටුහන් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු පාට මල් තුහින වැස්ස ශීත සෘතුවේ උදාව සනිටුහන් කරා. රජ පවුල් වල දරුවන්, මැති ඇමතීන්ගේ දරුවන්, ධනවත් පවුල් වල දරුවන් ඇතුළුව බොහෝ දරුවන් ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ දැඩි උනන්දුවකින්.

කිමද වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කර ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ තුනක් තිබුණා. එම තුනෙන්ම සමත් වෙන දරුවන්ට පමණයි වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබුණේ. අනිත් දරුවන්ට සිදුවන්නේ අපසු නිවස් බලා පිටව යෑමට.

 අනිත් දරුවන්ට සිදුවන්නේ අපසු නිවස් බලා පිටව යෑමට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now