මා මෙහි අග රැජිණ

116 34 21
                                    

ජී යෑංසිං:යා ආ..

කිම් චන්:කුමක්ද ඔබට වෙලා තියෙන්නේ? ඇයි මෙතරම් හයියෙන් කෑගසන්නේ?

ජි යෑංසිං:ඔබ.. ඔබ.. කෙසේද?

කිම් චන්:ඔබට පෙරදින සිදුවීම් අමතක වී ඇති හැඩයි.

එවිට ඇයගේ මනසට පෙරදින සිදුවීම් ගලගෙන ආවා.

ජි යෑංසිං:මේ කොහිද?

කිම් චන්:මගේ කුටිය.

ජී යෑංසිං:කෙසේද මා ඔබේ කුටියට ආවේ?

කිම් චන්:(අමුතු හිනාවක් පාමින්) මා මතක් කර දෙන්නද?

ජි යෑංසිං:අවශ්‍යය නැහැ.

ඇය සයනයෙන් නැගිටීමට උත්සාහා කරත් ඇය ආපසු සයනයේ ඉන්දවුනේ ඇති වූ වේදනාවට.

ජි යෑංසිං:ආව්..

කිම් චන්:ඔබට තවම හරිහැටි සුවවී නැහැ. ඔබ විවේක ගන්න. මා ඔසු රැගෙන එන්නම්.

ජි යෑංසිං:අනවශ්‍යයි. ඔවුන්ට සැකයක් ඇති වේවි.

කිම් චන්:එහෙත්,

ජි යෑංසිං:මෙය සුළු තුවාලයක්. මෙය සුවවේවි ඉක්මනින්.

කිම් චන්ට මතක් වුණා පෙරදින තෙරණින් වහන්සේ ලබාදුන් ඖෂධ ගුලි බඳුන. ඔහු එයින් ගුලි කිහිපයක් ඇය වෙත ලබා දුන්නා.

කිම් චන්:මේ ඖෂධ ගුලි වලින් ඔබේ වේදනාව සමනය වේවි.

ඇය එහි තිබූ තිත්ත රසය අමතක කර එය ගිල දැමුවා.

ජි යෑංසිං:ඔබට ස්තූතියි.

කිම් චන්:ඔබ මගේ ජීවිතේ රැකගත් නිසා මමයි ඔබට ස්තූතිවන්ත විය යුතු.

සේවිකාවක්:(පිටතින්)කුමරුනි සේවිකාවන් උදෑසන ආහාරය රැගෙන විත් තිබෙනවා.

කිම් චන්:කුමක්ද.. ඔවුන්ට මදක් සිටින්නට කියා පවසන්න.

ඔහු කාමරය සෑම තැනම නෙත් යවා බැලුවේ ඇයව සැඟවීමට තැනක්. අවසානයේ ඔහු තීරණය කරා ඇයව ඔහුගේ අල්මාරියේ සැඟවීමට.

කිම් චන්:පැමිණෙන්න.

ඔහු ඇයව අතින් ඇදගෙන ගොස් ඔහුගේ අල්මරිය තුලට දමා දොර වසා දැමුවා.

ඉන්පසු ඔහු තමන්ගේ ඇඳුම සකසන අතරතුර ඔවුන්ට ඇතුලට පැමිණෙන ලෙස පැවසුවා. ඔවුන් ආහාර බඳුන් පිළිවෙලට සකසන අතරතුර ගන්හන් හොවා එක් වරම කුටියට පැමිණියා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now