ශීත සෘතුව

434 88 10
                                    

අඳුරු දවසක නිමාව සටහන් කරමින් කිසිවක් නොදන්නා හිරු සෑමදාම මෙන් දීප්තිමත්ව නැගී ආවේ වැසිබර දවසකට පසුව හමාඑන නැවුම් සුවඳින් වාතලය පරිපූර්ණ කරමින්. සෑම උදෑසනකම මෙන් යීසෙයුආන්මින්ග් වෙෙද්‍ය විද්‍යාලයේ ජී මී නම් සේවිකාව ඇතුළු සේවිකාවන් පිරිස කඳු ප්‍රදේශයේ ඖෂධ පැළෑටි සෙවීම සඳහා පිටත් වුණා. වෙන්දා මෙන් ඔවුන් කඳුකර ප්‍රදේශයේ නොයෙක් දිශාවන්ට බෙදී ගිය අතර, ජී මී නම් සේවිකාව දියඇල්ල තිබෙණ දිශාවට ඖෂධ පැළෑටි එකතු කිරීම ගියා. බොහෝ දුර ඇවිද ඖෂධ එකතු කර විඩාව නිවා ගැනීමට දියඅැල්ලෙන් වතුර ස්වල්පයක් බීමට ගිය ඇයට කුඩා දරුවෙකු හඬන හඬක් ඇසුනා. සෑමතනම නෙත් යොමා බැලුවත් කිසිම කුඩා දරුවෙක් පෙනෙන්නට නොසිටියා. එක්වරම ඇයට නෙත් ගැටුනේ දිය ඇල්ල අසල පිහිටි ගසේ බෙනයක් වැනි කොටසකින් කුඩා අතක් වැනි කොටසක් චලනය වෙනවා. ඉතාමත් සෙමින් කුඩා බියකින් හා කුකුසකින් එතනට ලඟා වූ ඇය දුටුවේ එම බෙනය තුල කුඩා දරුවෙක් හඬමින් සිටිනවා. තම පැළෑටි එක් රැස් කර කූඩය පසෙකින් තබා ප්‍රවේශමින් අඩිය තබා එම  ගරා වැටුණු ගහ දිගේ ගමන් ගත් ඇය ඉතාමත් පරෙස්සමින් දරුවා වඩාගෙන ආපසු ඉතාමත් ප්‍රවේසමින් දරුවාව රැගෙන ආවා. ඉන්පසු දරුවාව තමාගේ බෙහෙත් පැල කූඩයට දමා  වෙෙද්‍ය විද්‍යාලයේ ප්‍රධාන වෙදැදුරු වෙතට කඩිනමින් ගෙනගියා.  ඒවන විටත් දරුවා අයිස් කුට්ටියක් තරමට සීතල වී තිබුණා.

  ඒවන විටත් දරුවා අයිස් කුට්ටියක් තරමට සීතල වී තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙදැදුරු වෙත ගෙන යන විට දරුවා සිහිමූර්ඡා වී තිබුණා. වෙදැදුරු හා එහි හෙදියන් එකතුව උණුසුම් ජලයෙන් දරුවාව සෝදා, රෙදි කඩකින් ඔතා චීන කටු චිකිස්තාව අධාරයෙන් දරුවාගේ සිහිය ආපසු ගෙන ශරීරය උණුසුම් වීම සඳහා ඖෂධ වතුර පෙව්වා.
ටික දිනකින් දරුවා සම්පූර්ණ සුවය ලැබුවා. ඉන්පසු ජී මී සේවිකාව ඇතුලු සේවිකාවන් පිරිස දරුවාව පෝෂණය කරමින් රැකබලා ගත්තා. දරුවා ගැහැණු දරුවෙකු නිසාත්, දරඋ හමුවන විට දරුවාගේ ඇඟ තදින්ම සීතල වී තිබුණු නිසාත්, ශීත සෘතුව නම් අරුථ රැගත් දොංජී ලෙස දරුවාට නම් තැබුවා. දරුවා උස් මහත් වෙත්ම දරුවා සේවිකාවන් සමඟ එකතුව කඳුකරයට බෙහෙත් රැස් කිරීමට යෑමට මෙන්ම, බෙහෙත් පිළියල කිරීමටද සේවිකාවන්ට උදව් වූවා.

ඒ අතර ජී සන් රාජමාළිගයේ සිංහාසනය මත මී යන්ග් අධිරාජ්‍යයේ රැජිණියගේ උදව්වෙන් ජී සන් අධිරාජ්‍යයේ අගමැති ජී සන් අධිරාජ්‍යයා ලෙස ජී සන් අධිරාජ්‍යයේ පාලනය කිරීමට පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ අතර ජී සන් රාජමාළිගයේ සිංහාසනය මත මී යන්ග් අධිරාජ්‍යයේ රැජිණියගේ උදව්වෙන් ජී සන් අධිරාජ්‍යයේ අගමැති ජී සන් අධිරාජ්‍යයා ලෙස ජී සන් අධිරාජ්‍යයේ පාලනය කිරීමට පටන් ගත්තා. අධිරාජ්‍යයාගේ ආවතේවකරු හමුනොවූ නිසා ජී සන් අධිරාජ්‍යයාගේ රාජකීය මුද්‍රාව සමාන මුද්‍රාවක් හොර රහසේම නිර්මාණය කර එයින් තමා විසින්ම සැකසූ රජුගේ අවසන් කැමති පත්‍රයට මුද්‍රාව තබා, එය සම්මත එකක් බව කියාපාමින් රට වැසියන් ඉදිරියේ දිවුරුම් දුන්නා. ඔහුට විරුද්ධ වන සියල්ල මී යන්ග් සෙබළුන්ට එම මොහොතෙදීම මරා දැමීමට ඔහු බලය දී තිබුණා. මී යන්ග් සෙබළුන් පෙළක් විට එයින් අයුතු ප්‍රයෝජන ද ලබා ගත්තා. එම නිසා ඔහුව ප්‍රශ්න කිරීමට මිනිසුන් බිය වුණා. එවකට රාජමාළිගයේ සේවය කළ බොහෝ ජී සන් සේවක සේවිකාවන් කිසිම හේතුවක් නොමැතිව තම රැකියාවෙන් නෙරපාහැරියා. මී යන්ග් සෙබළුන් හා රදළ පවුල් වල වැසියන් ජී සන් අධිරාජ්‍යයේ සාමාන්‍ය ජනතාව පළවා හැර ඔවුන්ගේ දේපළ කඩා වඩා ගනිමින් ඔවුන්ව මහ මගට ඇඳ දැම්මා. ඔවුන් යමක් කමක් නැති නිසා හිඟාකාලා තම ජීවිතය ගැටගසා ගැනීමට දැඩි උත්සාහයක් දැරුවා. ඔවුන් සෑම විටම ප්‍රාර්ථනා කළා, බලාපොරොත්තු වූවා, විශ්වාස කළා, ඇදහුවා නික්ම ගිය ජී සන් අධිරාජ්‍යයාගේ හා අධිරාජිණියගේ දියණිය කවදා හෝ තමන්ට පෙර මෙන් සතුටින් ජීවිත් වීමට ජී සන් අධිරාජ්‍යය ගොඩනගයි කියා. ඔවුන් එය එසේ වෙයිද නොවෙයිද යන්න ගැනවත් නොසිතුවේ එම බලාපොරොත්තුව ඔවුන්ට ජීවිත් වීම සඳහා හේතුවක් ලබා දුන් නිසා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now