ගොදුරු තුනක් එක් ඇමක්

122 37 36
                                    

නැති වුණු සිහිවටනයක් නටඹුන් අතර සෙව්වත් හමු නොවුනු දාක කාලය යල් පැන ගිය දාක යළි හමු වුවහොත් ඔබට කුමක් සිතෙන්නෙහිද.

ඇය සෙමෙන් සෙමෙන් අත ගෙන ගියේ ඔහුගේ ගෙලෙහි ඇති උපන් ලපය වෙත. ඔහුගේ ගෙලට ඇගේ අතේ උණුසුම දැනුණා. එහෙත් ඔහු නිහඬව සිටියා. ඇය සෙමෙන් ඔහුගේ ගෙලෙහි ඇති උපන් ලපය වටා ඇගේ නිය ගෙන ගියා. ඔහු එයින් තිගැස්මට පත් වුණේ අතීතයේ යමක් ඔහුට සිහි වූ නිසා. ඔහු එක් වරම ඇගේ අතින් අල්ලා ඇගේ සිරුරේ ගෑවෙන නොගෑවෙන ලෙසට ලං වී ඇගේ මුහුණ දෙස මදක් බලා සිටියා.

ඔහු මාව හඳුනාගත්තාද?

ඇගේ වත දහදිය බිඳු වලින් තෙත් වුණා. ඔහු ඇගේ එම වෙනස දුටුවා.

මට මැය ඇයි ඇයවම සිහිගන්වන්නේ.

මා තව දවසක් ඔබ වෙනුවෙන් බලා සිටියා නම්.

ඔහුගේ දෑස් අතර අතරමංව ඇය සිතුවා.

කිම් චන්:කවුරුන්ද ඔහු?

එයින් ඇය අන්දමන්ද වුණා.

ජියෑංසිං:ක කවුරුන්ද?

කිම් චන්:ඔබ ඔය තරම් සෙනෙහස දක්වන පුද්ගලයා. ඔහු ඔබේ සහෝදරයා විය නොහැකියි. (තවත් ලංව) කවුරුන්ද ඔහු?

ජියෑංසිං:ඔබ ඔබ පවසන්නේ කවුරුන් ගැනද?

කිම් චන්:මා කෝප ගන්වන්න එපා. ඔබ හොඳාකාරමවම දන්නවා මා විමසන්නේ කවුරුන් ගැනද කියා.

ජියෑංසිං:ඔහු ඔහු මගේ සහෝදරයා.

කිම් චන්:එපමණද?

සේවිකාවක්:(පිටත සිට) කුමරුනි හදිසි පණිවිඩයක්.

ඒ ලැබුණු අවස්ථාවෙන් ඇය ඔහුව තල්ලු කර දමා නැගිට ඇඳුම් සකසාගෙන, කෙස් වැටිය බැඳ දමා ගත්තා.

ඔහු ගොස් දොර විවර කරා.

කිම් චන්:කුමක්ද කාරණය?

සේවිකාව:කුමරුනි කුමරිය අතුරුදහන් වෙලා.

ජියෑංසිං:කුමක්ද?

එක්වරම කුමරුන්ගේ කුටිය තුලින් පැමිණි කුමරියගේ ආරක්ෂකයා දුටු නිසා සේවිකාව ඔහුන් දෙස අමුතු ලෙස බැලුවා.

ජියෑංසිං:කෙසේද එසේ වන්නේ?
(යමක් මතක් වුණා සේ) නැහැ.

කිම් චන්:නවතින්න. මා පැමිණෙන තුරු සිටින්න.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now