පරිච්ඡේදය 1

242 54 13
                                    

දවසින් දවස නිමා වෙමින් ශීත සෘතුවේ ශීත සුළං රැළි නිමා කරන්නට වැසිබර අහස සූදානම් වුණේ වෙනදා මෙන්ම හිස් පොළව පෙගෙන්නට දිය දහරා වලට ගලා යන්නට ඉඩ දෙමින්.

රහස් මාර්ගයෙන් මැදියම් රැයේ පිදුරු පාවහන් පැළඳ ඔවුන් ගමන් කරේ ඔවුන්ට භාර දී ඇති භාණ්ඩ ඩක්කුවද හෙමින් සීරුවට රැඟෙන.

සහචරයා:වටලන්න.

එක් වරම සිදු වූ ක්‍ෂණික වැටලීම නිසා ඔවුන් ක්‍ෂණික තීරණයකට එළැඹියා. ඔවුන් ගෙලේ එල්ලා තිබූ උග්‍ර විෂ සහිත කුප්පිය බී සියදිවි නසා ගත්තා.

..........

අමාත්‍ය කිම්:ඔබලාට ඔය ටිකවත් හරියට කර ගත නොහැකිද?

සේවකයා:සමාවෙන්න උතුමාණෙනි. අපි වටලන විටම ඔවුන් සියදිවි නසා ගත්තා.

අමාත්‍ය කිම්:කුමක්ද?

එහෙනම් ඔවුන් මරණයටත් සූදානම්වයි මෙය ඉටු කරන්නෙ.

යමු බලන්න ඒ තරම් වටින දේ මොනවද කියලා මොවුන් රැගෙන යන.

පිදුරු ඒ මේ අත අවුස්සමින් අමාත්‍ය සෙව්වේ මෙහි සඟවා ඇති දේ සොයා ගැනීමට. ඔහුගේ අතට අසු වූයේ කුඩා කුප්පියක්. එය රැගෙන ඔහු බඳුනක තිබූ කුඩා ගසකට හැලුවා. එයින් කුඩා දුමාරයක් නැගුනා.

විෂ

(සේවකයෙකුට) ඔබ වහාම ගොස් මෙය රැජිණියට දැනුම් දිය යුතුයි.
(ඔහු අත තිබූ විෂ කුප්පිය ඔහුට දෙමින්) මෙයත් රැගෙන ගොස් ඇයට පෙන්වන්න.

සේවකයා:එහෙමයි උතුමාණෙනි.

අමාත්‍ය කිම්:(තවත් සේවකයෙකයන් දෙදෙනෙකුට)
වහාම මේ සියල්ල විනාශ කරන්න.

සෝ ලී:කුමක්ද පියාණනි සිදුව ඇත්තේ?

සෝ ලී:කුමක්ද පියාණනි සිදුව ඇත්තේ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now