පරිච්ඡේදය 4

180 47 13
                                    

කිසිම කෙනෙක්ට චෝදනා කරන්න බෑ. මොකද අපි කිසිම දෙයක් දන්නෙ නැහැ. මිනිසා තරම් කිසිම කෙනෙක් හොඳ නැහැ. ඒත්, ඒ මිනිසා කොච්චර වෙනස් වෙනවද කියල දන්නවද, මේ සමාජෙ ඒ කෙනාට කරන වෙනස්කම් එක්ක..

මී යන්ග් රාජ්‍යය සමය මිනිස් ජාවාරමන් බොහෝ පැවති රාජ්‍යය සමයක්. එකල නීති සම්පාදනය කර තිබුණේ කාන්තාවන් ලොව ඇති පහත්ම තැනට දමා. එහි ඇති සෝව් තානායම එයට හොඳ නිදසුනක්. රාජ්‍යයේ සෑම තැනින්ම ගෙනෙන කුඩා දැරියන් කාමාතුරයන්ගේ බිල්ලට දෙමින් ඔවුන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම සපයා ගත්තා. එයට දරුවන්ගේ  අනන්‍යයතාවය, වයස් මට්ටම බලපෑවේ නැහැ.

එහි එක් කළුවර කාමරයක සේද සළු දවටා ගත් දැරිවියකගේ හිස ආවරණය කර, අත් පා බැඳ දමා තිබුණා. එයට රහසේ ඇතුළු වූ සේද සළු ඇඳගත් දැරියක් හා කපු ඇඳුමක් ඇඳගත් දැරියක් අත් පා බැඳ හිස ආවරණය කර තිබූ දැරියගේ බැමි ලෙහා දමා හිස ආවරණය හා මුව බැඳි රෙදි කඩ ඉවත් කරා.
එහෙත්...
ඔවුන්ට කවුරුන් හෝ පැමිණෙන බවක් දැනුණා.
ඔවුන් අසුවේවි යැයි ඔවුන් බියට පත් වුණා.
එක්වරම..
දෙනෙත් අතර ඇති වූ කතා බහෙන්,
රහසේ ඇතුළු වූ දැරියන් දෙදෙනාගෙන් සේද සළු ඇඳගත් දැරිය..
කපු ඇඳුමක් ඇඳගත් දැරියගේ මුව, රෙදි පටියකින් ගැට ගැසුවා. අන් දැරිය තමාගේ හිස ආවරණය කර තිබූ ආවරණය ගෙන එම දැරියව ආවරණය කර ඔවුන් දෙදෙනාම එක්ව ඇයව ගැට ගසා එතනින් පලා ගියා.

වසා තිබූ දොරගුළු විවර වුණා. යම් කෙනෙක් පියවරෙන් පියවර තමාට ළං වෙන බව ඇයට දැනුණා. හුස්ම කඩාගෙන යන තරමට සැර පානයක ගඳ ඇයට දැනුණා. එහෙත් ඇයට කිසිවක් පෙනුණේ නැහැ.

පැමිණි පුද්ගලයා ඔහුගේ වත නිරාවරණය කර ඇගේ බැමි ලිහා දැමුවා. ඇයට රළු ස්පර්ෂයක් දැනුණත් ඔහු ඇයගේ බැමි ලෙහා දැමීම නිසා ඇය සිතුවේ ඔහු තමාගේ ගැලවුම්කාරයා බව.

ඔහු ඇයව ඔසවා ගෙන ගොස් යහන මත තැබුවා. ඉන්පසු ඇයගේ මුළු හිසම ආවරණය කරමින් ගැට ගසා තිබූ ආවරණය ඉවත් කර මුව බැඳ තිබූ රෙදි පටිය ඉවත් කරේ ඇයට කෑ ගැසීමටවත් කාලයක් ඉතිරි නොකර ඇයගේ මුව ඔහුගේ රළු ස්පර්ෂයට ගොදුරු කරගනිමින්.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Donde viven las historias. Descúbrelo ahora