මල් පොකුර

240 61 22
                                    

රත් පැහැ හිරු මල් පෙති වලට රහස් කියා විඩාවට පත් කරමින් සිහිල් පණිවිඩයක් නොකියා ගියේ සුසුම් පවන් රැලි වලට දැනුනු වේදනාව හැඟුනු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රත් පැහැ හිරු මල් පෙති වලට රහස් කියා විඩාවට පත් කරමින් සිහිල් පණිවිඩයක් නොකියා ගියේ සුසුම් පවන් රැලි වලට දැනුනු වේදනාව හැඟුනු නිසා.

දොං ජී බෙහෙත් උයනට ඇවිත් තමන්ට හුරුපුරුදු කුටියට පැමිණ ඇයගේ බඩුබාහිරාදිය තියා බෙහෙත් උයනේ පිහිටි සුන්දර හුදෙකලා පෙදෙසකට පැමිණියා. ඇය බොහෝ විට තමන්ට වේදනාවක් දැනුනු විට මෙහි පැමිණ දුක නිවා ගන්නේ ඉතාමත් සැහැල්ලුවෙන් කොපුල් පුරා වැටෙන කඳුළු බිඳු මහ පොළවට දරා ගන්න ඉඩදෙමින්.

දොං ජී හොයමින් බෙහෙත් උයන පුරා කුමරුන් ඒ මේ අත විපරම් කරා. එවිට එහි බෙහෙත් පැළෑටි සොයමින් යන සේවිකාවකගෙන් විමසූ විට දොං ජී ගිය දිශාව පැවසුවා. ඇය කියූ පරිදි ගොස් විපරම් කරන විට ඔහු දුරින් දුටුවා ඇය සිටින වග. ඔහු ළං වෙත්ම දුටුවේ ඇගේ දෙනෙත් කඳුළෙන් පිරී ඇති වග. ඔහු සිතුවේ ඒ මුවඟට සිනාවක් ගෙනෙන්නේ කොහොමද කියා. ඔහු කුඩා කුඩා මල් වලින් පිරි මල් කිනිති එකතු කර මල් පොකුරක් සාදා එය අතැතිව ඇය වෙත කෙමෙන් කෙමෙන් ලඟා වුණා. ඔහු එනවා දුටු ඇය තිගැස්සී දෙනෙත් වලින් රූරා වැටුනු කඳුළු සැනින් පිහදා ගෙන මුවගට සිනාවක් මවා ගත්තා. ඔහු සඟවා ගෙන සිටි මල් පොකුර ඇයට දෙන විට ඇගේ මුහුනේ තිබුණේ "මෙය මටද වැනි හැඟීමක්".

කුමරුන්:මෙය ඔබට තමයි. පිළිගන්න.

(මොහොතක් ඔහු දෙස බලා හිඳ)

(මොහොතක් ඔහු දෙස බලා හිඳ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now