කටහඬ

128 36 25
                                    

ගස් කිනිති වල කොල හැලී ශක්තිමත් මුහුණුවරක් අරගෙන තිබුණේ පරිසරය ශීත සෘර්තුවට සුදානම් කිරීමට මෙන්.

ඇය එම සීතලට වඩා සිතේ වේදනාව ප්‍රබල වුණ නිසා එම සීතල ඇයට දැනුනේ නැහැ. ඇය අශ්වයා ධාවනය කරමින් ඉදිරියට ඇදුනා. හවස් යාමය වන විට ඇයට ජී සන් වෙත ලඟා වීමට හැකි වූවා.

කලඹරකාරී නගරයේ මායිමට වෙන්නට තිබුණ අවන්හළකට වී ඔහු බලා සිටියේ ඇයව අපේක්ෂාවෙන්. අසු සමඟ අමුතු ලෝකයකට පිවිසෙන්නාක් සේ ඒ මේ අත බලමින් ගමන් කර ඇයව දුටු ඔහු කට කොනින් සිනාසුනා.

ඔහු වීදියේ ඇති කඩයකින් මල් පොකුරක් රැගෙන ඇය අසලට යෑමට හැදුවත් ප්‍රධාන වීදියෙන් අතුරු වීදියකට එක් වරම දැමූ ඩක්කුවක් ඔහුගේ මඟ හරස් කරා. ඔහු ඩක්කුවේ වැදී එතුලට වැටුණා. මල් පොකුර අවකාශයේ පාවෙමින් ගොස් මල් වරුසාවකින් ඇයව නැහැවෙව්වා.

 මල් පොකුර අවකාශයේ පාවෙමින් ගොස් මල් වරුසාවකින් ඇයව නැහැවෙව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇය එක්වරම සිදුවූ මෙම සුන්දර දසුන දෙස බලා සිටියා. ඉන් පසු ඇය පිටුපස් හැරී බැලුවේ එයට හේතුව සෙවීමට මෙන්.

ඩක්කුවට වැටී උන් ඔහුව දුටු විට ඇගේ සිනාව නවතාගන්නට නොහැකි වූවා.

ඔහු ඩක්කුවෙන් නැගිට්ටේ ඇගේ සිනාව නිසා කෝපයට පත්ව.

කිම් චන්:ඔබ.. 😠😠

ඔහු ඇය පසුපසින් රතු රෙද්දක් දැක දුවන කුළු හරකෙකු මෙන් දිවීමට පටන් ගත්තා. ඇයත් ඔහුගෙන් බේරීමට පසුපස නොබලා දිව ගියේ ජී සන් මාළිඟය දෙසට.

කිමද ඔහු වෙස් වලාන සිටි නිසා ඇය අනුමාන කරා ඔහු හොර රහසේ මාළිඟයෙන් පිටව එනනට ඇතැයි කියා.

ඔහුට වැටහුණා ඇය මාළිඟය දෙසට යන බව. ඔහු ඇයට වඩා වේගයෙන් යාමට පේළියට තිබූ වහළ මතට ගොඩ වූවා. එය දුටු ඇය තවත් වේගය වැඩි කරා. එහෙත් පළක් වූයේ නැහැ. ඔහු එක් වරම ඇගේ අසු මතට පැන්නා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now